IMG-LOGO

කැරලිකාර කණ්ඩායම මැති සබේ ස්වාධීන වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස හෙට (05)වෙනම අසුන් ගනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමති වාසුදේව නානයක්කාර මහතා ද ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කරනු ලැබුවද තවමත් ආණ්ඩු පක්ෂයේ කටයුතු කරමින් සිටිති.

විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කර ස්වාධීන වීමට නියමිත බව පැවසේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද අනිද්දා (06)පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට නියමිතව බව ආරංචි මාර්ග වලින් පැවසේ. ආණ්ඩුවේ අමාත්‍යධුර නොලැබුණු එහෙත් ,ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මෙම පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (8)

කැරලිකාර කණ්ඩායම මැති සබේ ස්වාධීන වෙයි

හිරාන් Sunday, 03 April 2022 11:41 PM

තක්කඩියො තොපි........කෙබරයො.. විමල තමයි ලොකුම එකා

:       0       0

Lankan007 Monday, 04 April 2022 12:28 AM

කැමති තැනකින් වාඩිවෙන්න.ආය ඡන්ද දිනන්න බැහැ.

:       0       0

Ruwan Monday, 04 April 2022 04:48 AM

ජනතාව මෙයත් ඉවත් කරලා තියෙන්නේ.. අයෙත් මේ අය සම්බන්දකරගෙන බෑ

:       0       0

ජනතාව Monday, 04 April 2022 07:26 AM

මේ අය නම් තනිකරම බොරුව කරන්නෙ. මේ අය ජනතා විරෝධය අස්සෙ ෂේප් එකේ ඊලග ආණ්ඩුවක ඉන්න ක්‍රමයක් කල්පනා කරනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 04 April 2022 07:30 AM

මොන කැරලිකාර කණ්ඩායමක්ද මේ ... මේ අයගේ ඇති කැරලිකාර කමක් නැහැ. බොරු ජාතිවාදයක් මවලා,රට නොමග යවලා,බලයට ආවා.තම පැවැත්ම සඳහා අන්තිම මොහෙතේ ගිලෙන නැවෙන් පැන්නා.තවත් ජනතාව රවටනු බොරු ..

:       0       0

iansmith Monday, 04 April 2022 07:46 AM

කැරලිකාර කණ්ඩායම???????

:       0       0

හිරුෂ Monday, 04 April 2022 08:25 AM

දහං ගැට නොගහ හිටපියව්,කාලකන්නි

:       0       0

Jagath Monday, 04 April 2022 08:27 AM

කවුද කියන්නේ මේ ගොල්ලෝ කැරලිකාර කණ්ඩායම කියලා?මේ තුන්දෙනා නියම නළුවෝ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 330 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site