IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැරලි මර්දනයේ පී.සී සූදු ගහලා මාට්ටු

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

කන්තලේ වෙන්ඩ්‍රාසන් පුර යුනිට් 14 ප්‍රදේශයේ  ඇති කැලෑවක මුදල් ඔට්ටුවට සූදුක්‍රීඩාවේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි

වැටලීම සිදු කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පොලිස් කොස්තාපල්වරයා අතින් පයින් පහර දුන් බව පොලිසිය පවසයි.

මෙම සැකකාර කොස්තාපල්වරයා පොලිස් නිලධාරීන් සමඟ පොර බැඳීම නිසා  පොලිස් අත්අඩංගුවට ගෙන සිටිපුද්ගලයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ද මුදල් ඔට්ටුවට සුදු කෙළි මින් සිටියේයැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල් වරයා ළඟ අන් අය සතු රියදුරු බලපත්‍ර දෙකක්ද තිබී පොලිස් භාරයට ගෙන ඇත. මොහු බීමතින් සිටි බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා හබරණ පොලිසියට අනුයුක්තව හිඟුරක්ගොඩ පොලීසියේ කැරළි මර්දන අංශයේ සේවයේ යොදවා සිටි අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

කැරලි මර්දනයේ පී.සී සූදු ගහලා මාට්ටු

Senarath Monday, 06 March 2023 02:34 PM

සූදු පිටියේ කැරැල්ලක් ඇති උනොත් කවුද ඒක නතර කරන්නේ ?ඒ නිසා රාලහාමි එහෙම හිතලා එතනට යන්න ඇති .මේ වගේද ssp ලා ගංජා විකුණන එක ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site