(අංජුල මහික වීරරත්න)
කොළඹින් බැහැර ස්ථාන දහයක සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය සේවා දහතුනක් හෙට (15)කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
අවිස්සාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම සහ කළුතර දකුණ සිට කොළඹ දක්වා මෙම කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.
මගීන්ගේ සහ දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් ආරක්ෂාව ද යොදවන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ට්‍රයික් කියලා දුම් රිය දෙපාර්තුමේන්තුවේ නිළදාරින්ට කරන්න පුලුවන් දුම්රිය 10ක් යවන එකම තමයි. ඉතිහාසයේ ඉඳලා ඕක කරලා , ඔය ලොකු පුටු වල ඉන්න ඇත්තො, කියන්නෙ නිකන් හරියට ලොකු වැඩක් කලා වගේ ඕක ඉතින් කවදත් එහෙමනෙ. ආයෙ සාකච්චා කරන්න දෙයක් නැ. පුලුවන්නම් අතයාවශ්‍ය සේවාවක් නිසා අදාල සියලුම සේවකයන්ට යම් කිසි බලපෑමක් සිදු කරන්න. මගීන්ට සිදුවන අපහසුතාවයට, පාඩුවට කිසිම වගකීමක් කිසිවෙකුත් ගන්නෙ නැත.
ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙන්වාගෙන හමුදා ආරක්ෂාව යටතේ දුමරිය ධාවනය කරවන්න කොන්දක් පාලකයන්ට තිබිය යුතුයි . කාර්මිකයින්, ගාඩ් වරුන් ඇතුළු අනෙකුත් යටත් මේ බෙහෙතම දියයුතුයි . වැඩ වරණ හැම එකාම 1980 කර වගේම සේවයෙන් පහකර නව ය බඳවාගන්න . මුලින් වැඩේ අමාරු වේවි නමුත් මේ වෙලාවේ වැඩ වරමින් බොරදියේ මලු බාන යට දිය යුතු නියම බෙහෙත මේක තමයි . ටික දිනකින් එයාලටම අමාරුව දැනෙන විට දන ගාගෙන අපහු ඒවි නමුත් කිසිසේත්ම නැවත සේවයේ නොපිහිටුවිය යුතුයි . වාරයේ උන්ටත් කලයුත්තේ මිට සමන් දෙයක් . බැරි අය වෙනුවට රැකියා නැති සුදුසු අය බඳවා ගන්න . අපේ රටේ වගේ වෘත්තීය සමිති මාෆියාවක් වෙන කොහෙවත්ම නැතුව ඇති .
මේ දෙපාර්තමේන්තුවත් එක්ක නම් කවදාවත් සංචාරක ව්‍යාපාරය කරන්න වෙන්නෙ නෑ. ඕක වහලා දාන්න.