(අංජුල මහික වීරරත්න)
කොරියානු ජන රජයේ කෘෂිකර්මාන්ත සහ ධීවර කටයුතු සඳහා සෘතුමය ශ්‍රමිකයින් යෙදවීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොරියානු ජන රජයේ B - 8 වීසා කාණ්ඩය (ඍතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025 -02-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීම සඳහා කොරියා ජන රජයේ උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සාකච්ඡා පවත්වා ඇත. කොරියා ජන රජයේ යොවෝල් පළාත් පාලන ආයතනය සමඟ පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී ඇත.
යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් (මාස 5 සිට 8 දක්වා) යොන්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මාන වල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත.
යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. ඒ අනුව, යොන්වෝල් පළාත් පාලන ආයතනය සමඟ අදාල අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොරියා ඍතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක්