
(අංජුල මහික වීරරත්න)
වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු වුවත් අද වන තෙක් කිසිම තැනක කිසිම ක්‍රම වෙනසක් සිදුවී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රමයේ වෙනසක් වත් සිදු නොවී ඇති බව කී විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා හෝ අදාළ වගකිව යුත්තන් නොදැන සිරකරුවන් නිදහස් වන බව සඳහන් කළේය
වරායෙන් රතු ලේබල් කන්ටේනර් 323ක් පවා නිදහස් වී ඇති බව කී ප්‍රේමදාස මහතා කිසිම තැනක ක්‍රමයේ වෙනසක් වී නැතැයි කීය.
ජනාධිපති සමාව යටතේ නිදහස්වන සිරකරුවන් ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් නොදන්නේ නම් බහලුම් ගැන වගකියන්නේ කෙසේද කියා සිතාගත නොහැකි බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අයවැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් පොලී වැඩි කිරීමද සිදු නොවූ බවත් සෑම රජයක්ම වැඩිහිටියන්ට 15%ක ඉතිරි කිරීමේ පොලියක් දුන්නත් අද එය අහිමි වී ඇති බව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උස නම් සිකුරිටි... ඒකවත් වෙනස් වෙලා නැද්ද සර්?
අවුරුදු 70ක් කාපුවා එක දවසින් වමාරන්න බැහැනේ... ඔහොම ඉන්නකෝ.. වැඩිකල් යන්න කළින් කණපිට ගහයි.
අපිට නම් හොඳ වෙනසක් පේනවා. ලොකුම දේ කම්බ හොරුන්ගේ. සැප නැතිවෙලා ජනතාවගේ නැති නාස්ති වුණු මුදල්. ආරක්ෂා වුණා. ජනාධිපති සමාවෙන්. හොරුන් ගෙදර ගියේ. පසුගිය රජයෙන් ඒවා වුවමනාවෙන් කරපු දේවල්... ජනාධිපති ඔහුගේ කාලයේ පළමු වැනි දූෂිත හොර ක්‍රියාව කරපු. බන්ධනාගාර නිලධාරියා එක රැයින් හිරේට දැම්මා. ලාමක ටින්ටින්ට. මේවා නොතේරෙන්නේ... දැනුමක් නැති නිසා... කෝ ගොබ්බයින් පාලනය කරපු කාලේ. මේ වගේ හොරු ගෙදර ඇරපුවා... ආණ්ඩුව කියනකම් ජනතාව එන්නේ නැහැ. ඔබලා මොනවාද මේ රටට කෙරුවේ...? ගොබ්බ පිනාලා හොඳට කළා. රජ සැප විඳලා රට බන්කොලොත් කරලා. දැන් අලුත් රජයට බනිනවා. ඇස් දෙකක් නැහැ.. මොලයක් නැහැ.. දුර දකින්න කෙටි කලයකින් කරපු ටික මදිද? තව ඉන්නවා ගොබ්බයෝ පෝලිමේ හිරේ යන්න. ලාමක ටින්ටින් කියනවා පොලුත් නැහැලු කන්න. ඒ කාලේ මොවුන්ගේ වැඩේ හැමදේටම ප්‍රශ්න විසඳන්න පොල් ගහපු එක දේවාලේ ගිහින්. දැන් පොලුත්. මුකුත් නැහැ. හොරෙන් යනවා. කපු මහත්තයාට කියලා හොරා කාපුවා අහුනොවී හිරේ නොගිහින් ඉන්න වැඩ කරගන්න...
අමතකද හොර සල්ලි කේස් එක?
හැමදේකම වැරදි දකින තමුන්ට නොපෙනුණාට රටේ ජනතාවට නම් දැනෙනවා මේ මාස 7 ට වුණු විශාල වෙනස්කම්...
මොකද නැත්තේ? ඔයා ගිරිය පුප්පලා හොරු කියපු පොහොට්ටුවෝත්, රනිල් සමග නෝ ඩීල් කියමින් ඒ පක්ෂ දෙකේ ලේකම්ලා එක්ක තමුන්ගේ කෙනෙක් පේළියට වාඩි කරලා පරණ කතා අමතක කරමු කිව්වේ. ඒ වෙනසම මදැයි.
තමුනගෙ ඡන්ද වලින් ප්‍රා සභා කීපයක මුල් පුටු වලට රනිල්ගේ සහ පොහොට්ටුවේ අය පත්කර දීමට තරම් පරිත්‍යාගශීලි වීමම වෙනසක් නේද?
මාලිමාවට එරෙහිව යකෙක් එක්කහරි දීග යන තත්වයට පත්වීම වෙනසක්...
දැන් ඔයාගේ ක්‍රම වෙනස සිද්ධවෙලාද, කොන්දේසි විරහිතව UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු, එක්ක පුංචි ආණ්ඩු පිහිටුවන්න එකට ලැග්ගේ. මැතිවරණ වේදිකාවල කිව්වේ කිසිම ඩීල් එකක් නැතෙයි කියලා.
ඒක නම් ඇත්ත. වැඩ ටිකක් පරක්කුයි.. ටිකක් ඉවසලා බලමු ළඟදීම අර දුලංජලීගේ හොර සල්ලි කේස් එකවත් ඇදලා ගනීද කියලා...
ඔබතුමා කියපුවද ඔය කරන්නේ? රටේම මිනිස්සු ප්‍රතිකේෂ්ප කරපු සෙට් එකත් එක්ක එකතුවෙලා පුන්චි ආණ්ඩු පිහිටුවන්න එකතු වුණා නේද? හිරිකිතයක් නැද්ද... අපි හිතුවා කොන්දක් ඇති කෙලින් නායකයෙක් කියලා. වෙලාවට ඔබ පැරදුනේ රටේ වාසනාවට... නැත්නම් දැන් හිරේ ඉන්න අය ඇමැතිකම් දරයි ඔබේ රජයේ...
මෙයාගේ ක්‍රම වෙනස පොහොට්ටුව නැගිට්ටන එක. අනේ නිකන් ඉන්න සජිත්...!
ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදපු, ජපන් භාෂාවෙන් කතාකරලා ගොන් පාට් දාපු, පක්ෂයවත් හරියට කරගන්න බැරි... තමුන්ට මොනවා කියන්න බැරිද?