
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කරාපිටිය රෝහලේ ගිලන් රථ 11න් වැඩ කරන තත්ත්වයේ තිබෙන්නේ පහක් පමණක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
අතීතයේ සිටම වෙදකමට හෙද කමට ලංකාව නමක් දිනා සිටියා.කඩා වැටුණු අපේ සෞඛ්‍ය සේවය හිඟන්නාගේ තුවාලේ වගේ සම්පූර්ණයෙන්ම සුවය ලබා නැහැ. රෝහල් වල අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ වල දැඩි හිඟයක් තිබෙනවා. ඖෂධ කාණ්ඩ සීයක පමණ හිඟයක් තිබෙන බව ආරංචියි.රෝග හඳුනා ගැනීමට භාවිතා කරන බොහෝ උපකරණ අක්‍රීය වී තිබෙනවා.කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් අක්‍රීය වී තිබෙනවා.තුවාල මහන්න ගන්න නයිලෝන් වල හිඟයක් තියෙනවා.හෘද සැත්කම් සඳහා සී.ටී සහ එම්.ආර්.අයි පරීක්ෂණ කරන්න විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා. කරාපිටිය රෝහලේ පිළිකා ඖෂධ වල දැඩි හිඟයක් තියෙනවා. කරාපිටියේ දන්ත එක්ස් කිරණ පරීක්ෂණ ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා යනුවෙන්ද ගයන්ත කරුණාතිලක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ඒ උනාට ඔය කැඩුණු ගිලන් රථ වලට නම්, හර්ෂ මන්ත්‍රී වරයා ගෙන් අවසරයක් ගන්නේ නැතිව අත තියන්නවත් එපා...සුවසැරිය ගිලන්රථ සේවාව එතුමාගේ බුදලයක් කියලා තමයි හිතාගෙන ඉන්නේ...මොනා උනත්, ඒ කාලේ ලංකාවේ තක්කඩි දොස්තරලගේ කීමට රැවටිච්ච සමහරක් ජේවීපී කාරයොත් මේ සේවාව ලංකාවට ගේනකොට කිව්වේ මේ හරහා ඉන්දියාවේ "රෝ" රහස් ඔත්තු සේවය ක්‍රියාත්මක වෙනවා කියලනේ...නමුත් පවතින රජය මාලිමා ආණ්ඩුවක් නිසා, ඒ ගැන අපි දොස් කිවයුතු නැහැ... මෙතෙක් පැවති සියලුම රජයන් යටතේ සෞඛ්‍ය සේවාවටට විවිධ සේවාවන් කලත්, ලංකාවේ දොස්තර මාෆියා කල්ලිය (GMOA) විසින් ඒ සියල්ල විනාශ කළා... ඒ නිසා, දොස්තර මාෆියාව මේ රටින් තුරන් කිරීමට මේ රජය වහා පියවර ගත යුතුයි...දොස්තර මාෆියාවට එරෙහිව නිර්භීතව සටන් කොට, ජනතාවට සුවසරිය ලබා දුන් හර්ෂ මැතිතුමාට ස්තුති වේවා!!
බංකොළොත් කරපු රටක ලක්ෂණ. හවුල්කාරයෝ කිඹුල්ලු වගේ අඬන එක ඊට වඩා බංකොළොත් දේශපාලනයක්.
මිනිස්සුන්ගේ බදු මුදල් වැය කරන්නේ රිලවු ගණන් කරන්නයි ත්‍රිපෝෂ කඩ දාන්නයි තමයි