(යොහාන් භාසුර)
කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බවත් එම මිල වැඩිවීම ලබන අඟහරුවාදා වන විටවත් නොවුණ හොත් කිරිපිටි සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගතවීමට ඉඩ ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.
වරායේ තිබෙන කිරිපිටි ඉක්මණින්ම මුදානොගත හොත් නරක් වීමේ ඉඩකඩ ඇති බවත් වර්තමාන වෙළෙඳපොලේ කිරිපිටි ඉල්ලුමෙන් සියයට 10 ක පමණ ප්‍රමාණයක් ඇති බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියයි.
කිරිපිටි ආනයනකරුවන් ආනයනය කළ කිරිපිටි ටොන් විශාල ප්‍රමාණයක් ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බව කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා අගමැතිතුමා කඩිනමින් වරායෙන් බහලුම් නිදහස් කිරීමට උපදෙස් දුන්න ද ගෙවීම් කිරීම ගැටලුකාරී වී තිබෙන බව සඳහන් කළේය.
ඩොලරයට සාපේක්ෂව පිටි මිල රුපියල් 200 කින් වැඩි කළ ද පාඩුව අඛණ්ඩව සිදුවන නිසා රුපියල් 350 කින් වැඩි කරන ලෙස ඉල්ලීම කළ බවත් මෙම තත්වය හමුවේ නැවත මාස හයකින් පමණ මිල වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපිටි හිඟය තව මාස හයක්වත් තිබුණොත් ඔය ජරාව බොන එකෙන් සෑහෙන පිරිසක් ඉවත් වෙයි...
මැණිකේ මගේ හිතේ කිරිපිටි වැඩි වේවි වගේ... පිටි නම් සොයාගන්නත් නැහැ..
පිටරටින් ඕනෙම ජරාවක් ගෙනැල්ලා විකුණලා ආදායම් ගන්න හදන මේ තොරොම්බල් කාරයෝත් රටේ ආර්ථිකයට ලොකු හානියක් කළා. කිරි පිටි අත්‍යාවශ්‍ය ආහාරයක් විදියට රූපවාහිනී ප්‍රචාරණ කරලා, අම්මලයි, දරුවොයි පෙන්වලා මිනිස්සු රවටලා කරන මේ බිස්නස් එක රටට කරුමයක්. මේවාට සල්ලි විතරක්ම හොයන මාධ්‍යායතනත් වගකියන්න ඕනේ.. සමහරක් අයට කිරි වීදුරුවක් නැතිව ඇඳෙන් නැගිටින්න බැහැ. විශේෂයෙන් දරුවන් බොහෝමයකට උදෙන්ම දෙන කිරි වීදුරුව නිසා අත්‍යාවශ්‍ය උදේ ආහාර වේල මඟ හැරෙනවා. කිරිපිටි කියන්නෙම මුලාවක් !!
මම දන්නා කාලෙකින් පිටිකිරි බීලා නෑ. මේ කිසි අව්ලක් නැතුව අපුරුවට ඉන්නේ.
මාසයක් නෙවෙයි අවුරුදු දෙක, තුනක් යනකන් ගේන්න එපා පින් සිද්ද වෙයි. වසු පැටියෙක් වුණත් කිරි බොන්නේ වැඩිම අවුරුද්දයි.. දෙපා හරක් ජීවිත කාලයම කිරි හොයනවා. ඉස්සර අපේ වැඩිහිටියන් ජීවිත කාලෙම කිරිබීලද අවුරුදු ගාණක් නිරෝගීව ජීවත් වුණේ...