(පුෂ්පකුමාර ජයරත්න)
හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තම ජීවිතයට එල්ලවී ඇති තර්ජනයක් පිළිබඳව ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.
කරන්නාගොඩ මහතා වෙසෙන කුරුණෑගල වැව රවුමේ පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර නිල නිවස සමඟ කුරුණෑගල නගරයේ පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සිට ඒ මහතා නිල නිවස කරා ගමන් කරන මාර්ගය සහ ඒ මහතාගේ ආරක්ෂාව සඳහා යන පෙර ගමන් රථය කිසියම් නාඳුනන පිරිසක් විසින් වීඩියෝගත කර තිබෙන අතර කෙසේ හෝ එම වීඩියෝ දර්ශන කිසියම් පුද්ගලයෙකු අතින් කරන්නාගොඩ මහතා වෙත ලැබී ඇත.
මෙම වීඩියෝ දර්ශන දෙස බැලූ විට පැහැදිලිවම ඒවා කරන්නාගොඩ මහතා ඉලක්ක කර ගන්නා ලද දර්ශන ලබා ගැනීමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙතෙක් කරන ලද විමර්ශනවලින් තහවුරුවී ඇත.
මෙහි බරපතලම සිදුවීම වන්නේ කුරුණෑගල වැව රවුමේ පිහිටා තිබෙන ආණ්ඩුකාර නිල නිවසට අදාළ වීඩියෝ දර්ශන නිල නිවසට යාබදව පිහිටා තිබෙන කුරුණෑගල කොට්ඨාසය බාර ජ්යෙඩෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිල නිවසේ සිට ලබාගෙන තිබීමය.
ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ කාමරයක ජනේලයක් අසල සිට එම වීඩියෝ දර්ශන ලබාගෙන තිබෙන අතර ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ සේවකයින් වෙසෙන කොටස, නිල නිවසේ ඉදිරිපස කොටසක් සහ එහි නවතා තිබෙන ඔහුගේ ආරක්ෂක පෙර ගමන් රථය මෙම වීඩියෝ දර්ශනවල පැහැදිලිවම පටිගතවී තිබේ.
උසස්ම පොලිස් නිලධාරයෙකු වන කුරුණෑගල ජ්යෙ ෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසට පිටස්තර පුද්ගලයන්ට පිවිසීමට නොහැකි ආකාරයට පොලිස් ආරක්ෂාවක් යොදා තිබියදීත් එම නිල නිවසේ කාමරයක සිට මේ ආකාරයට ආණ්ඩුකාර නිල නිවසේ දර්ශන වීඩියෝගත කිරීමට ඉඩ ලබාදි තිබීම බරපතළ වරදක් බවද එවැන්නක් සිදු කළේ කාගේ වුවමනාවකට කවුරුන් විසින්ද යන්න විමර්ශන වලින් අනාවරණය කරගත යුතු බවද වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
දරුණු එල්ටීටීඊ ත්‍රස්තවාදය බරපතළ පරාජයකට ලක් කිරීම සඳහා ගොඩබිමේ සිට සටන් වැදුනු ශ්‍රී ලංකා යුද හමුදාවට මුහුදෙන් පූර්ණ සහායක් ලබා දුන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයවනු ලැබුවේ එකල නාවික හමුදාපතිවරයාව සිටි වසන්ත කරන්නාගොඩ මහතා වන බැවින් ඒ මහතා තවමත් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල ඝාතන ඉලක්කයක් බවද පෙන්වා දුන් එම නිලධාරියා මෙවැනි ආකාරයට කරන්නාගොඩ මහතාට සම්බන්ධ වීඩියෝ දර්ශන කිසියම් පිරිසක් විසින් ලබා ගැනීම ඒ මහතාගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් එල්ලවී තිබෙන බරපතළ තර්ජනයක් ලෙස සැලකීමට සිදු වන බවද පැවසීය.
මෙම වීඩියෝ දර්ශන ගැනීම හිටපු විදේශ අමාත්යන ලක්ෂ්මන් කදිරගාමර් මහතා ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ උණ්ඩයකට ගොදුරු වීම හා සමානව සලකන බවද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
තමන් නිල නිවසේ නොසිටි අවස්ථාවක කිසිවෙකු විසින් මෙම වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවට කුරුණෑගල ජ්යෙසෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතා ආණ්ඩුකාරවරයා හමුවේ පිළිගෙන තිබෙන බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් කරන ලෙස ජ්යෙේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නද එම විමර්ශන මන්දගාමීව සිදුවීම හේතුවෙන් කරන්නාගොඩ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශනය ආරම්භ කර තිබේ.
ආණ්ඩුකාරවරයාට එල්ලවී ඇති තර්ජනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා යම් දේශපාලන මැදිහත්වීමක් සිදුව ඇත්දැයි සොයා බලමින් සිටින බවද වාර්තාවේ. සැක කටයුතු දුරකථන ඇමතුම් කීපයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේවනවිට සැකකටයුතු පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබාගෙන ඇති බවද කියයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති ආරක්ෂාව වැඩි කිරීමටද පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි..දැන් ආපහු කොටි නැගිටින්න හදන එක නවත්තන්න රාජපක්ෂ කෙනෙක්ට බලය දෙන එක තමයි කරන්න තියෙන්නෙ...අපි රැවටෙන්නම්
කප්පම් නඩුවකුත් තියෙනවා නේද අර බරගානක් ළමයි මරපු…..
රට ආරක්ෂා කරන්නට රාජපක්ෂ පවුලට බලය ලබා දිය යුතුය.
හිටපු නගරාධිපති...
යුද්ධේ මේකට අදාළ නැහැ .ජෝනියා නම් අදාළ වෙන්න පුළුවන්
ඕක තේරෙන්නේ නැතිද?චන්දයට ඉස්සර වෙලා භීෂණයක් මවන්න පොලිසියටම කොන්ත්‍රාත්තුව භාර දීලා කියලා?
කොටි නැගිටිනවා වගේ .රට බේරාගන්න ආයෙමත් අවසාන අවස්ථාවක් ලැබෙයි වගේ
හමුදා නිලධාරීන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව සිවිල් පරිපාලනයට සම්බන්ධ නොකරගතයුතුයි . ඔවුන් සිවිල් පරිපාලනය දන්නේ නැතිබව ඉතා පැහැදිලිව ඔප්පුවී හමාරයි. මොහුටත් දෙන ආරක්ෂාවක් දීල ගෙදර තියල මේ තනතුරට ගැලපෙන වෙනත් අයෙක් පත් කරන්න. මෙයත් 60 පැනපු කෙනෙක්නෙ . පෙරගමන් රථ පසුගමන් රථ . මොනවද මේ විහිලු? ආණ්ඩුකාර වරයෙක් කියන්නේ රජයේ නිලධාරියෙක් . මිනිස්සු බදු ගෙවන්න අකමැති මෙන්න මේවගේ මහජන මුදල් කාබාසිනියා කරන වැඩ නිසා තමයි.
ආපහු කොටි නැගිටින සීන් එකක් තියෙන්නේ
කමක් නැ. අපි මලිමාවට....
මෙතුමා සමඟ දිගුකාලීනව ආරෝවක පැටලී සිටින දේශපාලන වශයෙන් පාරාජික වූ එහෙත් යුද සමයේ විශිෂ්ට මෙහෙවරක නියැලි හිටපු යුද හමුදාපති තුමකු මෙම සිදුවීම පසුපස සිටීමේ සම්භාවිතාවක් නැත්තේ නොවේ.
අර මයිල් ගහක් හොල්ලන්න දෙන්නේ නෑ කියපු අයගේ වැඩක් වෙන්න පුලුවන්.
මේව වගේ විහිළු ඡන්ද කාලය කිට්ටු වෙන විට වරින් වර කලඑළි බහිනවා, අලි පොහොටු හවුල යලි කොටි නැගිටවන්න උත්සාහ කරන බවයි පෙනෙන්නේ
මේ රටට මොනවා වෙන්න යනවද .හොඳට තිබුන රට
මේ වගේ අයෙක් ඝාතනය. පරණ කෝන්තර ඇති.කරපු කියපු දේවල් වල හැටියට.
ජාතික ආරක්ෂාව පතා ,රාජපක්ෂ වරු නැවත පත් කරමු .හා හා
එතනෝල් මහත්තයාගේ ගෝලයින්ගේ වැඩ වෙන්න ඇති. නගරාධිපතිකම නැතිවුණු එක ගැන කෝපයෙන් ඉන්නේ...!
හරියටම කියන්න, ඊගාව එල්ටීටීඊ සංවිධානයේ නැගිටීම වෙන්නේ මේ වගේ දේකින්ද? නැතිනම් රට වටේම පුපුරන ද්‍රව්‍ය හම්බවෙන එකකින්ද? 13 අස්සේ මේවත් යනකොට ඉතින් ගොනා හැරෙන්නේ මොන පැළේටද කියලා හිතාගත හැකියිනේ...
වසන්ත කරන්නාගොඩ මහතා කුරීරු යුද්ධයේදී විශාල මෙහෙයක් කළා. එය ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි. ඒ ගැන කිසිඳු විවාදයක් නැහැ. මේ දේට මුල්වූ වීඩියෝ කිරීම සිදුකොට ඇත්තේ උසස් පොලිස් නිලධාරියාගේ කාර්යාලයේ සිට නම්, ඔහු ඇතුළු නිලධාරී මඩුල්ලෙන් ඒ ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතුයි. සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කළ යුතුයි. මේ පොලිස් කාර්යාලයට පාරේ යන කෙනෙකුට පැමිණ මෙවැන්නක් සිදුකිරීමට නොහැකියි. ඒ වගේම, කරන්නාගොඩ මහතා වෙත එම දර්ශන ලැබුණු කෙනාද? මේ ගැන කුමක් හෝ දන්නවා විය හැකියි. එබැවින් ඒ ගැන පරික්ෂාවෙන් බැලීමද වැදගත්... එසේම, කරන්නාගොඩ මහතා වෙත ආණ්ඩුකාර තනතුර දුන් අය ගැනද? මේ වාතාවරණය ඔවුන් දේශපාලන වාසි සඳහා යොදා ගනීද යන්න ගැනත්, රටේ ජනතාව හොඳ සිහි නුවණින් කල්පනා කළ යුතුව ඇති බවත් පෙන්වා දෙනු කැමැත්තෙමු...
ඔය වැඩේ කරන්න ඇත්තේ කලින් හිටපු නගරාධිපති වෙන්න බැරිද
කථා දෙකක් නැහැ .නගරාධිපති තනතුරෙන් අයින් කරපු පලියගන්න මයිලකටවත් අත තියන්න දෙන්නෙ නැහැ කිව්ව කෙනාගෙ වැඩක්.
වෙන කවුද ඉතින් .අපේ ජෝන්ටිගේ ගෝල බාලයෝ ටික තමා
කොටි නැගිටින්න වගෙයි යන්නේ .රට බේරා ගැනීමේ අවසන් අවස්ථාවද මේ?
ඡන්ද කාලෙට නැගිටින ත්‍රස්තවාදයයි මේ. කාගේ හරි ජීවිතයක් බිල්ලට අරන් රට බේරගන්න එන කණ්ඩායමගේ වැඩක්...
අල්ලපු ගෙදර ඉන්න තොත්ත බබාගේ හිතවත්තු තමයි වීඩියෝ කරලා තියෙන්නේ...
මේ ඇතුලේ ප්‍රශ්න ඇතුලේම විසඳා ගත්තොත් තමයි හොඳ.. නුඹලා කරපු වැඩත් අපි දන්නවා... නොකරපු වැඩත් අපි දන්නවා....
ළමයින් 11 දෙනෙක් අතුරුදන් කළ එකට නීතියෙන් දඬුවමක් නැතිනම් මෙහෙම හරි දඬුවම් ලැබේවි. මේ වගේ අය රටෙන් තුරන් වෙන එකමයි හොඳ..
ඉතින් අපිට මොකද ? ඔහේ මරාපුවාවේ.අහිංසක ළමයි 11 දෙනාව මරපු වෙලාවේ ඔය බය කොහෙද තිබුනේ ? මහාලොකු අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් නමුත් ජිවිතයට ෆ්ලිට් එකකට නැගලා නැහැ.ෆ්ලිට් වල ඉන්න ඇත්තම අද්මිරාල් කෙනෙක්ව දැක්කොත් මේ හාදයාට චූ යනවා ෂුවර් .