IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කරන්දෙණිය ප්‍රා.ස අභාවප්‍රාප්තවෙයි

(එම්.සුසිල් පියන්ත)

ශරීර සුවතාවය සඳහා කරන්දෙණිය නගරය හරහා මහ මාර්ගයේ පා ගමනින් ගමන් ගනිමින් සිටි කරන්දෙණිය ප්‍රාදේශීය සභා සභාපති මහීන් රංගජීව මුණසිංහ මහතා  හදිසියේම අසනීප වී පාරේ ඇඳ වැටී මිය ගියේය.

ගිය වසරේ පැවති මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් කරන්දෙණිය ආසනයෙන් තරග කොට පරාජයට පත් වුවත් පළාත් පාලන මැතිවරණයේදී  සිය කොට්ඨාසයද ජයගාහණය කරමින් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ  ලෙස තේරී පත්විය.

සිය පාලන කාලය තුළ කරන්දෙණියේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සිය කාලය ශ්‍රාමය හා ධනය කැපකරමින් සිටි මහීල් මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සේවක, සේවිකාවක් සමග ඉතා සුහදශිලී ලෙස සිය කාර්ය කළ අයෙකි. ජනතා ප්‍රශ්න තමාගේම කර ගනිමින් රාජකාරී කළ මහීල් මුණසිංහ මහතාට මේ කෙටි කාලය තුළ කරන්දෙණිය ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකිවිය.

කරන්දෙණිය පාදේශීය සභාවේ සභාපති ලෙස රාජකාරී ඇරඹීමට පෙර මහීල් මහතා විදෙස් රටක ඉදිකිරීම් ක්ෂේතයේ ප්‍රධාන සමීක්ෂක නිලධාරීවරයෙක් ලෙස කටයුතු කළේය.

කරන්දෙණිය කොටවෙල කනිටු විදුහලේ විදුහල්පතිනි මනෝජා ගලප්පත්ති මහත්මිය මහීල් මහතාගේ භාර්යාව වූවාය.

මහිල් රංගජීව මුණසිංහ මහතාගේ දේහය අවසන් ගෞරවය දැක්වීම සඳහා කරන්දෙණිය බොරකන්ද සිය නිවසේ තැන්පත් කොට ඇත.

අවසන් කටයුතු සැප්තැම්බර් මස 23 වැනිදා පස්වරු 6.00 ට ඌරගස්මංහන්දිය උතුරු මාගල ආදාහනාගාරයේදී සිදු කෙරේ.

 



අදහස් (0)

කරන්දෙණිය ප්‍රා.ස අභාවප්‍රාප්තවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site