(විනීතා එම් ගමගේ සහ රංජන් කස්තුරි)
කොවිඞ් රෝගය හේතුවෙන් ඉකුත් අගෝස්තු 31 දක්වා මියගිය පුද්ගලයන් 2417 දෙනකුගේ ආදාහන කටයුතු වෙනුවෙන් 1,20,85,000 ඒ ඒ ආදාහනාගාර අයත් පළාත් පාලන ආයතනවලට ලබාදීමට පියවර ගත් බව පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
එක් ආදාහනයකට රුපියල් 5000 බැගින් පුද්ගලයන් 2417ක් වෙනුවෙන් එම මුදල ලබා දී ඇත.
පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල් යොමු කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
දකුණු පලාතේ මරණ 537ක්, සබරගමුව මරණ 488 ක්, බස්නාහිර 399 ක්, වයඹ 260 ක්, මධ්‍යම 260 ක්, ඌව 171 ක්, උතුරු මැද 100 හා නැගෙනහිර පළාතේ 71 ක් වශයෙන් ආදාහන සඳහා මෙම මුදල් වැය කර ඇත.
අවශ්‍යතාව මත ඕනෑම අවස්ථාවක කොවිඞ් මරණ ආදාහනය සඳහා වැය කරන මුදල් ප්‍රමාදයකින් තොරව කඩිනමනි ඒ ඒ පලාත් පලන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ වියදම ගැන උඩු බුරලා මොනවද මෙයා බලාපොරොත්තු වෙන්නේ?
අපෝ මහලොකු වැඩක් වගේ... ඇවිදින මන්තීරු හදන්න කෝටි ගාණක් වියදම් කරන්න හැදුවා නේද?
ගෙදරින් ගෙනා සල්ලි නෙවෙයිනේ..., මහජන මුදල්...
ලක්ෂ 220 ක් වෙනුවෙන් රුපියල් 5000 ගානේ දැන්මම වෙන් කරලා තියන්න .ඔබ තුමා නම් ජපානයේ නේ ආදාහනය වෙන්නේ .ඒක එයාලා කරයි .
මැරුණට පස්සේ සල්ලි .සර් ගේ තියරිය
මේ කියන්නේ හරියට ගෙදරින් ගෙනත් වියදම් කළා වගේනේ. නුඹලාගේ ගොන් තීරණ හින්දා තමයි ගොඩක් මිනිස්සු මැරුනේ.. ඒකට උද්දච්චකම ඉහට ගහපු නාකි අන්දරේලා වගකියන්න ඕනේ. මැරුණු මිනිස්සුන්ගේ සාපේ හැමෝම පසු පස්සේ එනවා..
ජනතාවගේ බදු මුදල් මිස දේශපාලුවන්ගේ බූදලේ නෙවෙයිනේ... ඊට වඩා දූෂිත දේශපාලුවන් හොරකම්, වංචා, දූෂණ වලින් ජනතාව මොනතරම් ගසා කන්න ඇත්ද?
රජයක් ඉන්නේ ඕකටනේ. ඕකට කුල කියන්නෙ මොකක්ද? අනිත් එක මීට පස්සේ ඔය මිනිස්සු අබ ඇටේක දෙයක් ඉල්ලන එකක් නැහැ රජයෙන්...
සාමාන්‍යයෙන් කෙනෙකුගෙ මරණයකදි වගේ වියදම් වෙච්ච ගනන් අපිනම් කියන්නෙ නෑ... මොකද මරණයක් කියන්නෙ ගනන් මිනුම් සටහන් කරගන්න ඕනෙ දෙයක් නෙමේ හින්දා හැබැයි වැඩේ කියන්නෙ හරියට ගනන් මිනුම් සටහන් කරගන්න ඕනෙ ඒවලෙ ගනන් මිනුම් හරියට සටහන් කරගන්නෙ නැති එකයි...
මෙහෙම ගිහින් කොවිඩ් රැල්ලට මහජන මුදල් කොල්ලකාපු උන් අහුවෙන්න ගත්තහම තමා පරලොව සිහිවෙන්නේ ,එතකන් තමා මේ ඔක්කොම රඟපෑම්
මේකේ අදහස් දාපු අයට මගේ ස්තුතිය...! මොකද දැන් ටිකටික මිනිස්සු නිවැරැදිව තෙරුම් ගන්න එක පිළිබඳව...
ඔලිම්පික් බලන්න යන්නත් කට්ටියටම වියදම් කළා කියන්නේ මෙයා නේද?
පොලොන්නරුවේ ජොගින් ට්ර්රැක් කරපු අය
මැරුණ අය වෙනුවෙන් වැය වුණ මුදල් ගැන නෙවෙයි බලනන ඔනි