කොරෝනා වයිරසයෙන් 2,800දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

පුද්ගලයන් 83,000දෙනෙකුට මේ වනවිට වයිරසය ආසාදනය වී තිබේ.

චීනය හැරුණු විට මේවනවිට වැඩිම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉරානයෙන් වන අතර වැඩිපුරම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින්නේ දකුණු කොරියාවේය. ඉරානයේ පුද්ගලයන් 34දෙනෙකු වයිරසයෙන් මිය ගොස් ඇති අතර, දකුණු කොරියාවේ 2000දෙනෙක් ආසාදිතයින් බවට පත්ව සිටී.

වයිරසයෙන් මිය ගිය බහුතරය වැඩිමහලු පිරිස බවද, ඔවුන් වෙනත් සෞඛ්‍ය ගැටලු තිබූ අය බවද මේ වනවිට බලධාරින් අනාවරණය කරගෙන තිබේ.

වයිරසයෙන් ලෝක ආර්ථිකයටද මේ වනවිය බලවත් බලපෑමක් එල්ල වී තිබේ. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයට සිදුව ඇති පාඩුව විශාල බව බලධාරීහු පවසති.

කෙසේවෙතත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වයිරසයේ බලපෑමට ලක්නොවීමට ඇමරිකාවට හැකි බවට පසුගිය දිනවල පවසා තිබූ අතර, ඇතැම් මාධ්‍ය අනවශ්‍ය කලබලයක් ඇතිකරමින් තිබූ බවද සඳහන් කළේය. එහෙත් ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් මේවනවිට වයිසරය සම්බන්ධයෙන් සියලු අංශ සූදානම් කර තැබීමට පියවර ගෙන ඇත.

 



(ඒ.එෆ්.පී ඇසුරිනි)

16844