
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඔහුට දින කීපයක් පොලිස් අත්අඩංගුවේ පසුවීමට සිදුවනු ඇති බවය.
ලිංගික අපරාධකරු ඇමෙරිකන් ජාතික ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ඇන්ඩෲ කුමරු පැවැත්වූ සබඳතා සම්බන්ධයෙන් නවතම අනාවරණයක් පාදක කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.
ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන පිළිබඳ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කළ සමයේදී, රජයට අයත් රහස්‍ය තොරතුරු සහ ලිපිගොනු අනිසි ලෙස පරිශීලනය කළ බව තහවුරු වී ඇතැයි පොලිසිය පවසා ඇත.
ඊයේ (19) ඇන්ඩෲ කුමරුන්ගේ 66 වැනි උපන් දිනය දා පූර්ව දැනුම්දීමකින් තොරව සැන්ඩ්‍රින්හැම් වතුයායේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීම ද විශේෂත්වයකි.
ලිංගික අපරාධකරුවකු ලෙස චෝදනා ලැබ, නිව්යෝක් බන්ධනාගාරයකදී දිවි නසා ගත් ජෙෆ්රි එප්ස්ටයින්ට අයත් රහස් ලියවිලි ඇමෙරිකන් අධිකරණයක් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඒවාට අනුව, ඇන්ඩෲ කුමරු බ්‍රිතාන්‍ය රජයේ රහසිගත ලේඛන ජෙෆ්රි එප්ස්ටයින් වෙත ලබා දී ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
දෙවන එළිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන අන්ඩෲ කුමරු වසර ගණනක පටන්, එප්ස්ටයින් සමඟ පැවති මිත්‍රත්වය සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයට ලක්ව සිටී. එම නිසාම තෙවැනි චාල්ස් රජු ඇන්ඩෲ කුමරුගේ සියලු නිල නාමයන් ඉවත් කිරීමට කටයුතු කළේය. ඇන්ඩෲ කුමරු, 'කුමරු' යන නාමයෙන් හඳුන්වන්නේ ද නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd