
(රංජන් කස්තුරි)
දකුණු පළාතේ රජයේ රෝහලක සේවය කරන බටහිර වෛද්‍යවරයකු කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම හා එම ඖෂධ මුදලට අලෙවිකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම වෛද්‍යවරයා සොයාගත් බව කියන කොරෝනා මර්ධන ඖෂධය නිසි ලිපායදිංචිකින් හෝ පර්යේෂණයකින් හෝ තහවුරු කර ගත්තේ ද යන්න පිළිබඳව එය කිසියම් ආකාරයකින් ජාවාරමක් බවට පත්කරගෙන ඇතැදැයි යන්න පිළිබඳවත් සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
මේ පිළිබඳ ඇතැම් පර්ශ්ව පොලිසියට පැමිණිලිකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇතැයි ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය වගේ රටක මෙවැනි සොයාගැනීමක් කලොත් එය අගය කරනවා. වැඩේ සාර්ථක නොවුණත් උත්සාහය අගය කරනවා. ඒකට ලංකාවේ ඔහුට එරෙහිව පරීක්ෂණය කරනවා. නව නිර්මාණකරුවන්ට, පර්යේෂකයින්ට වෙන්නේ නිලධාරිවාදයට යටවෙලා ඉන්න. කළු සුද්දන් රට පාලනය කරනකන් අපේ කියලා අලුතින් දෙයක් බිහිවෙන්නේ නෑ...
දේශීය ආයුර්වේද පරීක්ෂකයින්ව දිරි දුන් විටදී එයටද හොඳ විවේචන ලද රටක්... එකල කොරෝනා එන්නත ද තිබුණේ ද පරීක්ෂණ ම්ටටමේ... ඉතින් කෙලෙසද ආයුර්වේද පරීක්ෂකයින්ව දිරි ගන්වන්නේ...!
අලුත් දෙයක් හොයාගන්න ඉඩ දෙන්න. ඒ ගැන තව දුරටත් හොයා බලන්න
රට පාලනය කන්නේ කවුද