(සිරංගිකා ලොකුකරවිට) 
කොරෝනා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10 කින් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ දී තීරණය කළ බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා මහතා පවසයි.
පුද්ගලයන් අනවශ්‍ය ලෙස ඒකරාශීවීම, අනවශ්‍ය ගමන්බිමන්වල යෙදීම, සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව මෙම යතුරුපැදි බල ඇණිය විසින් සොයා බලන අතර මඟ හමුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය අහඹුු ලෙස පරීක්ෂා කිරීමට ද නියමිතය.
මෙම යතුරුපැදි බල ඇණිය සඳහා අවශ්‍යකරනු ලබන වියදම් දකුණු පළාත් සභාවෙන් ලබාදෙන බව ද ප්‍රධාන ලේකම්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ අනික් රටවල් එන්නත් කරනවා තමුන්ගේ ජනතාව.. ලංකාවෙ පැණි පොවලා මර්ධනය කරනවා. රෙස්පෙක්ට් සර් ....!!!
තුවක්කු අරන් යන්නේ හරියට කොරෝනා දැක්කොත් වෙඩි තියන්න වගේ...
ටී 56 තුවක්කුත් දෙන්න. එතකොට කන්න හොයන්න යන අයට දෙන්න පුළුවන් වඩෙ. .. වතුර ඉල්ලපු මිනිස්සුත් මැරුවනේ....
බොරුවට මුදල් හා ශ්‍රමය නාස්ති නොකර, ග්‍රාමීය පළාත්වල රෝගීන් නැතිව පාලුවට ගිහින් තිබෙන රෝහල් හමුදාව යොදවලා පිළිසකර කරලා කොරෝනා රෝගීන් සඳහා ප්‍රයෝජනයට අරන් මනුෂ්‍ය ජීවිත බේරාගන්න. යුද ඇඳුම්, තුවක්කු දැක්කාම ලෙඩ්ඩු හැංගෙනවා.
තුවක්කුවලින් සහ හමුදාවෙන් වසංගත රෝගයක් මැඩ පවත්තන්න නම් වෙඩි තැබීමෙන් හැර එය කළ නොහැක.
බාස් පැණියට වැඩිය උණ්ඩය ෂුවර් ඇති. සර් කිව්වනේ කොහොමත් වෛරස් එක්ක බැරි වුණාට යුද්ධයක් නම් පුලුවන් කියලා.
යතුරු පැදියක යන කෙනෙකුට කොරෝනා ආසාධිතයෙක් හමුවුණොත් එයාටත් කොරෝනා වැළඳෙනවා. ඊට පස්සේ එයා කොරෝනාවත් අරගෙන යතුරු පැදියෙන් ගාලා වටෙන් යනවා. නියමයි... රෙස්කේට් සර්..
අපේ මිනිස්සුන්ටත් යුද්දේ දිනනකොට හමුදාව හොඳයි. අනිත් වෙලාවට මොකක් හරි අල්ලගෙන බණිනවා. අපේ මිනිස්සු මාරම කුහකයි ඒ අතින්... ටී 56 ගැනයි.., තුවක්කු අල්ලන් ඉන්න විදිහ ගැනයි... මාරම කමෙන්ට්ස් දාන්නේ... ඒ වුණාට තුවක්කුවක් අල්ලලාවත් නැතිව ඇති එහෙම කියන අය.
ඔබගේ ගිනිඅවි බලයෙන් මිනිසාගේ ආත්ම ගරුත්වය විනාශ කරන්න එපා...! ඊයේ හවස රූපවාහිනියේ කෙනෙක් දුක්බර හඬින් සමාජයට දුන් පණිවිඩය දුටුවේ නැද්ද?
ගාල්ලේ කොරෝනා වෛරසයට මේ පාර ගැලවුමක් නැහැ... දුටු තැන අපේ හමුදාව වෙඩි තියයි. ඒකටයි ටී 56 අතේ දීලා තියෙන්නේ. අනේ අනේ මෙහෙමත් රටක්...!!!
අනේ අම්මපා, මේ මගේ මෝඩයින් ටිකක්. හැබැයි, ගානක් ගහගන්න නම් හොඳ යෝජනාවක්...
රට වැසියෙකු ලෙස ඇසිය යුතු එකම ප්රශ්නය, "අනේ මගේ රටට මොකද මේ වුනේ"
ආයේ යුද්ධයක් ආවොත් අපි දොස්තරලා සෙට් එකක් ඉස්සරහට යවමු.
ලෝකේ කොහෙවත් නැහැ මෙහෙම පිස්සු වැඩ....
කොරෝනා මැඩපවත්වන්න රජයට වැඩපිළිවෙළක් ඔනේ... අපේ මුහුදෙන් වටවූ දූපතක්නේ.... මෙ දූපත් ඛෙරගන්න ආණ්ඩුව අපොහොසත් වුණේ ... ඒ ගැන අපි කණගාටු වෙනවා.
මිලිටරි මානසිකත්වය ...!!!
සිවිල් සමාජයේ කටයුතුවලට තුවක්කු වැඩක් නෑ නේද? මොකද මිනිස්සු කියන්නේ ත්‍රස්තවාදීන්වත්, අපරාධකාරයින්වත් නෙමෙයිනේ...