(ප්‍රසංග පෙරේරා)
රාගම දුම්රිය ස්ථානයේ නිලධාරීන් ඇතුළු සේවක පිරිසකට කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් අද (28) දින මගීන්ට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකෙරිණි.
එලෙස ප්‍රෙව්ශ පත්‍ර නිකුත් නොකරන බවට දුම්රිය ස්ථානයේ දැන්වීමක් මගින් ප්‍රකාශ කර තිබීම ද දක්නට ලැබිණි.
මෙම තත්වය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රිය මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොගෙන නොමිලයේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව උදාවිය.
දුම්රිය ප්‍රවේශ පත් රාගම දුම්රිය ස්ථානයෙන් නිකුත් නොකෙරුණද රාගම දුම්රිය ස්ථානය හරහා කාර්යාලීය දුම්රිය ඇතුළු සාමාන්‍ය දුම්රිය සේවා සිදු වු බව මගීහු කීහ.
දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධයෙන් දුම්රිය ස්ථාන ප්‍රකාශකයෙක් කියා සිටියේ දුම්රිය ස්ථානාධිපති වරුන්ට කොවිඩ් රෝගය වැළදීමත් සමග මගී ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවේශපත් කවුළු වසා දැමීමට සිදු වු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති බව පැවසු එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කලේ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd