(යොහාන් භාසුර)
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය තුළ ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එම අමාත්‍යංශයේ ප්‍රධාන අංශයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු ආයතන කීපයක ද ‘කොවිඩ්’ රෝගය වේගයෙන් පැතිර යන බව කී එම නිලධාරියා පැවසුවේ අනුබද්ධ ආයතන කීපයක උසස් නිලධාරීන් කීපදෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතව සිටින බව ද සඳහන් කළේය.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ‘කොවිඩ්’ ආසාදිතව මේ වන විට නිරෝධානයට ලක්ව සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd