




(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොරෝනා වයිරසයෙන් පීඩා විඳින චීනය, ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාව වෙත ආශීර්වාද කිරීමේ අරමුණින් විශේෂ බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථානයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම බෝධිපූජා පිංකම සංවිධානය කර තිබිණි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ බොරු වැඩ .. ? ඇෆ්රිකාවේ ඉබෝලා තිබුන කාලේ කවුරු ඒ වෙනුවෙන් පුජාවල් කෙරුවෙත් නැහැ .. පිරිත් කිව්වෙත් නැහැ .. මොන මගුලක්වත් නැහැ .. මෙව්වා මේ අනුන්ගෙන් කන්න බොන්න හදාගත්ත උපක්‍රම ... මොන මගුලක් නැටුවත් අන්තිමට ඉතින් දානෙකුත් දෙන්න ඔනානෙ ... ඕක තමයි උපාය ..!
රවී, මේ සංගමය මේ වගේ දෙයක් කරපු එක හොඳයි. එයාලා කොහොමත් කියල තියන හැටියට චිනය සමග සම්බන්ධතා දක්වන අය. හැබැයි අපේ රටේ සංස්කෘතිය අනුව ඇමරිකාවට ගහපු වෙලාවේ ඕස්ට්‍රේලියාව අපාදා වෙලාවේ වැඩ කළා. අධ්‍යාත්මික වශයෙන් ඒක කොච්චර හොඳද කියල අවබෝධ කර ගන්න බැරි වුන ඒක ඒච්චරම හොඳ දෙයක් නෙවේ. මෙය රටක රාජ්‍ය ත්‍රාන්ත්‍රික අතිනුත් වැදගත්.
දැන් බයවෙන්න දෙයක් නැහැ. බෝධිපූජාවක් කලානේ.
ඔය චීන්නුන්ට දකින දකින හැම සතාම කන්නේ නැතුව ඉන්නවා නම් වඩා හොදයි
පුදුම වහල්ලු තොගයක්නේ ලංකාවේ ඉන්නේ. ඔය කොරෝනා විෂ බීජෙට පිළියමක් හොයාගන්න ගොන් හරක්.
මෙය අධ්‍යාත්මික කටයුත්තක් මිස කොරෝනා මර්ධනය කර රෝග සුවකළ හැකි බෙහෙතක් නොවේ.
මේවා ආත්ම ශක්තියක් නැති අයගේ වැඩ මිසක් බුදු දර්ශනය නොවේ. ඒ දර්ශනය ආගමක් බවට හරවාගත්තේ මේ වගේ ඒකෙන් බඩ ගොස්තරේ හොයාගන්න උදවිය තමයි. මේ බොඩි පූජා , යන්ත්‍ර මන්ත්‍ර, කේන්දර ඔක්කොම මිත්‍යාවල්, කවුරුහරි එහෙම නැහැ කියනවානම් ඔප්පු කරලා පෙන්නන්න මම සූදානම්.