(පුෂ්පකුමාර ජයරත්න)
වීරඹුගෙදර වෙහෙරබැන්ද ගමේ පදිංචි කොරෝනා වයිරසය ආසාදනය වූ තරුණයකු ඒ බව නොදැන ගම පුරා ඇවිදීම නිසා ගම් දෙකක පවුල් 18 ක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
පෞද්ගලික ආයතනයක සේවය කරන එම තරුණයා තම හිත මිතුරන් ඇසුරු කිරීම සඳහා සඳගල සහ දමුණුගල ග්‍රාම නිලධාරි වසම් දෙකට අයත් නිවාස රැසකට ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කිරීමෙන් අනතුරුව කොරෝනා වයිරසය ආසාදනය වූ අයකු බවට හඳුනාගෙන ඇති බවද කියයි.
මේ හේතුවෙන් මෙම පුද්ගලයා ඇසුරු කළ දමුණුගල ග්‍රාම නිලධාරි වසමේ පවුල් 15 ක සහ සඳගල ග්‍රාම නිලධාරි වසමේ පවුල් 3 ක පුද්ගලයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙම අමාරුව හැදුණු කෙනාට බෙහෙත් දෙන්න. බොරුවට අහලා ගම් 07ම ආර්ථිකය විනාශ කරන්නේ නැතිව..