(යොහාන් භාසුර)
එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වී සිටියදී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට චෝදනා පත්‍ර බාරදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
එම ක්‍රීඩකයන්ට එරෙහිව චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත්කළ කමිටුව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් එම ක්‍රීඩකයන් තිදෙනා ඉදිරියේදී කමිටුව හමුවට කැඳවන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා කීය.
හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිකල සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්යවැල්ල යන ක්‍රීඩකයෝ චෝදනා ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින් කරන වැරදි බැලුවාම ඔය කරපු වැරදි ගාණකටවත් ගන්න බැහැ .
වරදට දඬුවම් කළයුතුයි...
යන්නේ කොහේද? මල්ලේ පොල් වගේ චෝදනා ඇති... උපරිම මාස 03ක් තහනම් කරලා, ආපහු ගන්නවා කියලා ගනියි. ඒකෙන් වෙන්නේ දැන් ටිකක් හරි රිද්මයකට ඇවිත් ඉන්න අලුත් කණ්ඩායමටත් කෙළවෙන එක...
එපා මුන්ව අායෙත් ටීම් එකට ගන්න...