(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයකු ලෙස කිසිවිටකත් නැවත නොයෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරකට නිලවශයෙන් මේ දක්වා කිසිඳු ආරාධනයක් ලැබී නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද (19) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
එහිදී මාලිංග වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“කිසිම ආරාධනාවක් නෑ මමත් දන්නෙත් නෑ. මමත් ඔයගොල්ලො ලියන ඒවා තමයි දන්නේ. ඔයගොල්ලොම ලියලා මගෙන් අහනවා ඒ මොකක්ද කියලා. මට අද වනතුරු කවුරුත් කියලා නෑ. මාධ්‍යවල පළවන ඒවා තමයි මමත් දන්නේ”
“පිස්සුද, නැවත ක්‍රීඩා කරන්න. මම ඔයවගේ වැඩකරන්නේ නෑ කියලා දන්නවනේ. පුහුණුකරු තනතුරක් වුණත් බලන්න ඕනේ. ඔබ මාධ්‍යවේදියකු වුණත් ඔබට මාධ්‍යවේදියකු ලෙස තරුණයෙක් පුහුණු කරන්න දුන්නොත් ඔබටත් යම්කිසි කාලයක් ඕනෙ ඔහුව පුහුණු කරන්න. මටත් ඒ වගේ තමයි.
මටත් පන්දු යවන්නන් පුහුණු කරන්න කාලයක් ඕන. ලැබෙන කාලය අනුව එවැනි ආරාධනාවක් ආවොත් සළකා බලනවා” යැයි මාලිංග වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් යනවා කිව්ව නම් යන්නකො මහත්තයෝ. ඔයා නැති උනා කියල ලංකාවේ ක්‍රිකට් නැති වෙන්නෙ නෑ. කරපු හොඳ දේවල් ලංකාවෙ මිනිස්සුන්ට මතකයි. ඒවා අගය කරනවා. හැබැයි පම්පෝරි ගහන ඒව අනුමත කරන්න තරම් රටේ අය මෝඩ නෑ....
ඕස්ට්‍රේලියා වල කෝච් කෙනෙක් වෙලා යන්න මල්ලි .කොහොමත් මේ රට වටිනා කියන මිනිස්සුන්ට දොර වහපු රටක්
වටිනා ක්‍රීඩකයෙක්, මොහුගෙන් වැඩක් ගමු.
හොඳයි