IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ක්‍රීඩා අමාත්‍යාංශයේ වෑන් රථයක් අනවසරෙන් රැගෙන ගිය රියදුරෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වෑන් රථයක් නිසි අවසරයකින් තොරව රැගෙන ගොස් පුද්ගලික පරිහරණය කළ බව කියන රියදුරකු අද (26) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයෙන් ලද පැමිණිල්ලකට අනුව  සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් වෙසක් පොහෝ දින  සැකකාර රියදුරු  ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණ සුඛෝපභෝගී වෑන් රථය ලබාගෙන එහි ආරක්ෂාක නිලධාරියා වෙත ව්‍යාජ තොරතුරු ලබාදී රාජකාරී ගමනක් යන බව පවසා වෑන් රථය පිටතට රැගෙන ගොස් තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එලෙස රැගෙන ගොස් තිබූ වෑන් රථය දින දෙකකට පසු හොර රහසේම නැවතත් ගෙන විත් දමා තිබූ සැකකරු පිටව යාමෙන් අනතුරුව අද (26) දින සේවයට පැමිණ ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙය කිසියම් අපරාධයක් සඳහා යොදා ගත්තාද? එසේ නොමැති නම් සැකකරු මුදලට කුලී ගමන් සඳහා යොදා ගත්තාද ? යන්න සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමටමට නියමිතය

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ



අදහස් (3)

ක්‍රීඩා අමාත්‍යාංශයේ වෑන් රථයක් අනවසරෙන් රැගෙන ගිය රියදුරෙක් මාට්ටු

ගුණරත්න Monday, 26 May 2025 09:10 PM

මට ෂුවර් මේ මිනිහා මාලිමාවෙක්, මේ කාලේ නීතියටත් උඩින්නේ උන් ඉන්නේ...

:       0       0

Nandalal de Silva - France Monday, 26 May 2025 10:57 PM

ඕකත් මහ ලොකු කජ්ජක් ද? රජයේ වාහනවල සංගණනයක් කරලා බැලුවාම පෙනෙයි... වාහන කොතරම් සංඛ්‍යාවක්... නෝනාගේ ශොපිං වැඩට, පාසැල් බස් තිබුණත් දරුවන් හිර නොකර, තදබද නොකර, සීතල වාහනවල ඉස්කෝලේ ගෙන යාමට ඒමට, සති අන්තයේ පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක චූටි විනෝද චාරිකාවක් අපේ බදු මුදලින් ඉන්ධන දමාගෙන යන එක නරකද? සකල සිරින් පිරි සිරි ලංකාවේ, එක රටක්, නීති දෙකක් තිබුනේ නැත්නම් මෙම අසරණයා අද මේ විදියට පොලිස් කූඩුවේ ලගීවිද?

:       0       0

Deshabandu Tuesday, 27 May 2025 09:33 AM

පුද්ගලික ගමන් බිමන් සඳහා ආයතනවල ලොක්කන්ට උනත් වාහන ගෙන යන්න අවසර දිය යුතු නැහැ . නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කල යුතුය. මහජන මුදල් බොහොම අරපිරිමැස්මෙන් වියදම් කල යුතුයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site