
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වෑන් රථයක් නිසි අවසරයකින් තොරව රැගෙන ගොස් පුද්ගලික පරිහරණය කළ බව කියන රියදුරකු අද (26) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් වෙසක් පොහෝ දින සැකකාර රියදුරු ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණ සුඛෝපභෝගී වෑන් රථය ලබාගෙන එහි ආරක්ෂාක නිලධාරියා වෙත ව්‍යාජ තොරතුරු ලබාදී රාජකාරී ගමනක් යන බව පවසා වෑන් රථය පිටතට රැගෙන ගොස් තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එලෙස රැගෙන ගොස් තිබූ වෑන් රථය දින දෙකකට පසු හොර රහසේම නැවතත් ගෙන විත් දමා තිබූ සැකකරු පිටව යාමෙන් අනතුරුව අද (26) දින සේවයට පැමිණ ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙය කිසියම් අපරාධයක් සඳහා යොදා ගත්තාද? එසේ නොමැති නම් සැකකරු මුදලට කුලී ගමන් සඳහා යොදා ගත්තාද ? යන්න සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමටමට නියමිතය
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ෂුවර් මේ මිනිහා මාලිමාවෙක්, මේ කාලේ නීතියටත් උඩින්නේ උන් ඉන්නේ...
ඕකත් මහ ලොකු කජ්ජක් ද? රජයේ වාහනවල සංගණනයක් කරලා බැලුවාම පෙනෙයි... වාහන කොතරම් සංඛ්‍යාවක්... නෝනාගේ ශොපිං වැඩට, පාසැල් බස් තිබුණත් දරුවන් හිර නොකර, තදබද නොකර, සීතල වාහනවල ඉස්කෝලේ ගෙන යාමට ඒමට, සති අන්තයේ පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක චූටි විනෝද චාරිකාවක් අපේ බදු මුදලින් ඉන්ධන දමාගෙන යන එක නරකද? සකල සිරින් පිරි සිරි ලංකාවේ, එක රටක්, නීති දෙකක් තිබුනේ නැත්නම් මෙම අසරණයා අද මේ විදියට පොලිස් කූඩුවේ ලගීවිද?
පුද්ගලික ගමන් බිමන් සඳහා ආයතනවල ලොක්කන්ට උනත් වාහන ගෙන යන්න අවසර දිය යුතු නැහැ . නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කල යුතුය. මහජන මුදල් බොහොම අරපිරිමැස්මෙන් වියදම් කල යුතුයි