(යොහාන් භාසුර)
කින්නියාහි කුරිඤ්ඤංකර්නි පාලමේ ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ජනතාවට ආරක්ෂිතව කළපු ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂිත මගී යාත්‍රෘව සේවය ආරම්භ කළේය.
කුරිඤ්ඤංකර්නි කළපුවේදී පසුගියදා පාරුවක් වෙරළිමෙන් ජීවිත හයක් අහිමිවූ වීමෙන් පසුව කළපු ප්‍රදේශය ඔස්සේ එදිනෙදා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන් සහ පාසල් ළමුන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙන පාලමේ ඉදිකිරීම් අවසන් වන තෙක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මැදිහත්වීමෙන් මෙම ආරක්‍ෂිත මඟී යාත්‍රා සේවාව ආරම්භ කළේය.
නැගෙනහිර නාවික විධානයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක එකවර මඟීන් 25 දෙනෙකේ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට හැකි මෙම මඟී යාත්‍රාව පෙරවරු 7.00 සිට 8.00 ට අතර සහ මධ්‍යහන 12.00 සිට පස්වරු 2.00 අතර යන කාලය තුළ ක්‍රියාත්මක වේ.
එම ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිතව මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව පියවර ගත්තේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලාසනින් නාවික හමුදාව දැනුවත් කරලා ඉල්ලීමක් කරලා තිබුනානම් අර අහිංසක ජිවිත 6ත් බේරිලා.
ඉතා හොඳ වැඩක්. අගය කලයුතුයි. ඕනේම ආපාදවලදී අපේ වීරෝදාර රණවිරුවන් ඉදිරියට.
සතුටුයි මේ ක්‍රියාවට... පාරුවටත් ඉසිලිය හැකි බරක් තියෙනවනෙ. තන්හාවට උවමනාවට වඩා බර පටවා ගෙන යන්න හොඳ නැහැ..
අශ්වයා පැනල ගියාටපසු ඉස්තාලය වැසීම නොහොත් කුඹුරු පාලුවට ගියාට පස්සේ පොහොර ගෙන්වීම නොහොත් සර්කරන හොඳටම කරන වැඩ...
ඔන්න ඕකයි තත්වේ. ලංකාවේ ඔහොම තමයි. 6 දෙනෙක්ම මැරෙන්න ඕන අවදානය යොමු කරන්න.