
( මොහොමඩ් ආසික්)
අකුරණ හතේ කණුව ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරඟයක් සඳහා මාතලේ ප්‍රදේශයේ සිට පැමිණ සිටි ක්‍රිකට් කණ්ඩායමක තරුණයන් පරිසකට අයත් රුපියල් 5,85,000 ක් පමණ වටිනා ජංගම දුරකථන අටක් සොරකම් කර එයින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා දුරකථන දෙකක් රුපියල් අට දහසකට විකුණා කුඩු ගැසූ සැකකරු ඇතුළු තිදෙනකු අලවතුගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
අකුරණ හතේකණුව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැති ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගි වීමට පැමිණි මාතලේ ප්‍රදේශයේ ක්‍රිකට් කණ්ඩයමකට අයත් තරුණයන් පිරිසක් තමන්ගේ ජංගම දුරකථන අටක් මල්ලක දමා ත්‍රී රෝද රථයක තබා තරඟය සඳහා සහභාගි වී තිබේ. තරඟය අවසන්ව පැමිණ ජංගම දුරකථන ගැන සොයා බැලීමේදී එම දුරකථන ත්‍රී රෝද රථයේ නොමැති බව හෙළි වී තිබේ. පසු දින මෙම තරුණ පිරිස පොලීසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සීසීටීවී කැමරා දර්ශණ ඔස්සේ සැකකරු හඳුනා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙම ජංගම දුරකථන අට සොරා ගෙන එයින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක් එක් පුද්ගලයකුට රුපියල් අට දහසකට විකුණා ඇති අතර එම මුදල්වලින් ඔහු හෙරොයින් පානය කර ඇති බවත් අනාවරණය කර ගෙන තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්‍රිකට් තරගය අස්සේ දුරකතන උස්සලා