(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායමෙන් සියයට 20 ක් ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලා ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්න තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ආදායමෙන් එවැනි විශාල කොටසක් ක්‍රීඩා අමාත්‍යංශයට දීමේ හැකියාවක් නොමැති බවත් එසේ වුවහොත් ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සංගම්වලින් විරෝධයක් එල්ලවනු ඇති බවත් එම ආයතනය පවසා ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාස කීපය තුළ ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 220 ක් හෙවත් රුපියල් කෝටි 22 ක් පරිත්‍යාග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් වලින් හම්බකරන සල්ලි ඒ අමාත්‍යංශයට ඇයි දෙන්නෙ? මට තේරෙන්නෙ නෑ... ඒකත් ඇමතිල ගිලින්න වගේ යන්නෙ. අන්තිමට රටත් කාල ක්‍රිකටුත් කයි වගේ.
මේක දේශපාලන අත පෙවීමක්. ජාත්‍යන්තර කවුන්සිලයට පැමිණිලි කරන්න තියෙන්නේ.