ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇත්තේ යුක්රේන හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් බව අද පස්වරුවේ ක්‍රොඒෂියා බලධාරීහු තහවුරු කළහ.

ටොන් හයක් බර ගුවන් යානය ක්‍රොඒෂියාවට ළඟා වීමට පෙර රොමේනියාවේ සහ හංගේරියාවේ ගුවන් කලාප හරහා ගමන් කර ඇති අතර ඩ්‍රෝන යානාව කඩා වැටෙන අවස්ථාවේ පැයට කිලෝමීටර 100 ක වේගයෙන් ක්‍රොඒෂියා ගුවන් කලාපය හරහා පියාසර කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් යුක්රේන ඩ්‍රෝන යානය ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇති බව ජනාධිපති සොරාන් මිලනොවික් ප්‍රකාශ කළේය.