
(හිරාන් ප්රියංකර ජයසිංහ සහ පද්මා කුමාර කංකානම්ගේ)
මුන්දලම නවඩන්කුලම ප්රදේශයේ දී අද අලුයම සිදුවු මාරක අනතුරකින් තිදෙනකු මියගොස් තුවාල ලැබු කුඩා දරුවකු ඇතුළු පස් දෙනකු පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුරණ මිගමුව පදිංචි දෙදෙනකු හා මිගමුව පදිංචි අයකු බව කියයි.
එලෙස මරණයට පත්ව ඇත්තේ 84 හැවිරි මේරි තෙරේසා කොස්තා හා 58 හැවිරිසි සුභාෂීනි ජයසිංහ හා 26 හැවිරිදි ලහිරු හේෂාන් කොස්තා නැමති අය බව කියයි.
මරණයට පත්වු තිදෙනා මෝටර් රථයකින් කුරණ සිට අනුරාධපුර බලා ගමන් කරමින් සිටියදී පුත්තලම සිට කොළඹ බලා ගමන් කරමින් සිටි පුත්තලම ප්රදේශයේ පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබු බව මුන්දලම පොලිසිය කියයි.
අනතුරින් වයස අවුරුදු 6 ක කුඩා දරුවකු සමග කාන්තාවන් සිව් දෙනකු හා වෑන් රථයෙ රියදුරු ලෙස කටයුතු කළ අයකු ඇතුළු හය දෙනකු බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑන් රථය තියෙන්නෙ වැරදි ලේන් එකේ. සෑහෙන තදියමක් තිබිලා වගේ ගෙදර යන්න. ඒත් අන්තිමට තුන් දෙනෙක් මැරිලා ඉවරයි. ඔහොම තදියම තියෙන අයගේ තදියම සුව කරන්න නම් මේවා අනතුරු විදියට නෙවෙයි මිනී මැරුම් කියලා නඩු දාන්න ඕනෑ.
නොසැලකිලිමත් ලෙස, අධික වේගයෙන් රිය පැදවීමෙන් සිදුවන මරණවලට වැරැදිකරුවකු ලෙස අධිකරණය තීන්දු කරනු ලැබූවොත් රියදුරු එක මරණයකට රුපියල් කෝටියක වන්දියක් ගෙවිය යුතු බවට නීති සංශෝධනයක් කළ යුතු බවයි. ගෙවන්න බැරිනම් ජීවිතාන්තය දක්වා හිර ගෙදර. නැතිනම් මෙවැනි වැරැදි හැමදාම සිදුවන එක වළකා ගන්න බැරිවෙයි.