(සුජිත් හේවාජුලිගේ )

ආපනශාලාවලින් පාරිභෝගිකයින්ට කිරි තේ ලබාදීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසූවේ කිරිපිටි මිල ඉහළයාමත් සමග තවදුරටත් කිරි තේ මිල ඉහළ දැමීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි.

කිරිපිටි පැකට්ටුවක මිල තවත් රුපියල් 15 කින් වැඩි කර ඇති බවත් කිරි පිටි කිලෝ එකක මිල රුපියල් 1345 දක්වා වැඩිකරගැනීමට කිරිපිටි සමාගම් සමත්වී ඇති බවත් සම්පත් මහතා පැවසුවේය.

කිරිපිටි සමාගම්වලට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩදී ආණ්ඩුව බලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් පවත්වාගෙන යෑමට නොහැකිව ආපන ශාලා තුන් දහසක් පමණ මේවනවිට වසා දමා ඇතැයිද අසේල සම්පත් මහතා සඳහන් කළේය.