
කියුබාව කම්කරු දිනය වෙනුවනේ සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොම්යුනිස්ට් රජය කටයුතු කරන ලදි. කියුබාවේ පවතින ඉන්ධන හිඟය එයට හේතු විය.
කියබානු විප්ලවයෙන් පසුව පුරා වසර 60කට වඩා වැඩි කාලයක් සෑම වසරකම කම්කරු දිනයේදී මැයි දිනය සැමරීම සඳහා දහස් සංඛ්‍යාත කියුබානුවන් පිරිසක් හවානා විප්ලව චතුරශ්‍රයට එකතු වූහ. දීර්ඝ කාලයක් පවත්වා ගෙන ආ සම්ප්‍රදාය කඩ කරමින් මෙවර මැයි දින පෙළපාලිය ප්‍රථම වතාවට අවලංගු කිරීමට කියුබානු රජය කටයුතු කර ඇත.කියුබානු විප්ලවය 1959 වසරේදී දියත් කරන ලදි.
පසුගිය සති කීපයේදී කියුබාවේ ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන ලබා ගැනීම සඳහා රියදුරෝ දවස් ගණන් පෝලිම්වල රැඳී සිටියහ.
කියුබාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් පමණක් ලැබෙන බවත් සැපයුම්කරුවන් ගිවිසුම්ගත බැඳීම් සපුරාලීමට අපොහොසත් වී ඇති බවත් පසුගිය අප්‍රේල් මස මුලදී කියබානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්න්ගේ සහ පෙරටුගාමීන්ගේ මහගෙදර වන් අසහාය නායක ෆිදෙල් කැස්ත්‍රෝෙග් කියුබාවට මොකද වෙලා තියෙන්නේ? අපිට බණ කියන්නේ නැතුව බැරිද ඔය ජෙප්පන් සහ පෙරටුගාමියන්ට කියුබාවට ගිහින්, ඔවුන්ගේ ආර්ථිකය ගොඩ ගන්න හැටි කියලා දෙන්න. ලංකාව අද ගමන් කන්නේ ලෝකේ ආර්ථිකයත් සමග බවත් අද මුලු ලෝකයටම අමාරු කාලයක් බවත් කියුබානු මහගෙදර මේ මෝඩ සියයට තුනේ ජෙප්පන්ට සහ පෙරටුගාමීන්ට මේ ප්‍රවෘත්තියෙන් අවධානය වනු ඇතැයි සිතමි.
පිදෙල්කස්ත්‍රෝ ගේ කියුබානු විප්ලවය ආපස්සට හැරිලා!! ඉන්ධන හිගය නිසා මැයි දින පෙළපාලිය අවලංගු කිරීම මෙරටේ කියුබානු දාසලාට හොඳ පාඩමක්.ජෙප්පෙනි දැන්වත් යථාර්ථය තේරුම් ගන්න.ඔබලාගේ කාල් මාක්ස් හෙවත් හියුබත් දිසානායක ට අනුව කරෝලිස් මාරුක්කුගෙ ආර්ථික න්‍යායන් අදට ගැලපෙන්නේ නැහැ.
ජෙප්පෝ ලංකාවත්, කියුබාවක් කරන්න හදන්නේ? හැබැයි බලයට එන්න හදන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයේ එල්ලිලා. රුසියාවටත් එපා වුණු කොමියුනිස්ට් ක්‍රමය ලංකාවට මොන බම්බුවකටද ජෙප්පෝ? අනුර ලෝකේ රටවල් දියුණු වුනේ කොමියුනිස්ට් වෙලාද? නැතිනම් ජෙප්පෝ ඉඳලද? ලෝකේ කොමියුනිස්ට් රටවල් කොපමණ තිබෙනවද?