( තිළිණි ද සිල්වා )
සුළි සුළං ආපදා තත්ත්වයෙන් හානිවූ කියුබාවට ඇමෙරිකා ඩොලර් 50,000 ආධාරයක් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීමේ සංකේතයක් ලෙසත් හා මේ වසරේ දී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් පිරීම සැමරීම වෙනුවෙන් මෙම ආධාරය කියුබාවට ලබා දීමට විදේශ අමාත්‍යවරයා යෝජනා කර තිබිණි.
ඒ අනුව මෙම වසරේ ජනවාරි මස ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ කියුබාවේ හවානාහි රෙග්ලා ආශ්‍රිතව පිහිටි ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම ආධාරය ලබා දීමට විදේශ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය වෙතට ඉකුත්දා අමාත්‍ය පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 50,000ක ප්‍රදානයට අදාළව අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඉකුත්දා අනුමත කළ අතර එය ඉදිරියේ දී කියුබා රජයට ප්රදානය කරනු ඇතැයි ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආපදාවලට ලක්වෙන අය තාම කඳවුරුවල. මෙයා කියුබාවට ආධාර දෙන්න යනවා. අනේ මන්දා ..මුන්ගෙ ලේකම්ලා, අදහස් දෙන අය මොන ලෝකෙ ඉන්නවද කියලා. ඉතා ඉක්මණින්ම කටුගෙට යවන්න ඕනෙ දේශපාලකයෙක් තමයි මේ මොන්ගල් ෆුල් ටයිම්..
ණයට ගත්ත සල්ලිවලින් දැන් අපි අනිත් උදවියට ආධාරත් දෙනවා. කාටද ආඩම්බර...?
කිව්බාවට අාධාර දෙන්න අපි එයාලට වඩා පොහොසත් රටක්ද..? අනේ අපේ රටේ දේශපාලුවන්ගේ ඉදිමීම... තේකොළ ටිකක්, සහල් වගේ දෙයක් නම් කමක් නැහැ.
ඔයපැත්තේම අමාරු හැදෙන්නේ අර්ශෂ් නිසාද?
මේ ඇමතිවරු අඬන්නෙම පිටරැටියන් වෙනුවෙන්. මන් හිතන්නේ ඡන්දය ලැබෙන්නේ එහෙන් වෙන්න ඇති..
කියුබාව සෞඛ්‍ය, අධ්‍යාපන සහ අධිකරණ යන අංශවලින් ඉන්නේ අපිට වැඩිය බොහොම ඉදිරියෙන්, අපේ රටේ රජයේ රෝහල් වලින් හදවත් සැත්කම් කරගන්න 4000ක් විතර පොරොත්තු ලේඛනයේ ඉන්නවා. කරුණාකර ඔය වැඩිපුර තිබෙන ඩොලර් 50 000 (රුපියල් ලක්ෂ 90) වියදම් කරලා පොරොත්තු ලේඛනයේ ඉන්න රෝගීන් 10-12 කට පුද්ගලික රෝහලකින් කඩිනමින් හදවත් සැත්කම් කරන්න.
වැසිකිළියක් හදන්නත් ලෝකෙ වටේ ණය හරි, ආධාර හරි ඉල්ලගෙන යනවා. ආධාර ලැබුණාම රෙද්ද උස්සගෙන කෑ ගහනවා. ජාතියම හිඟන්නු ගානට දාලා දැන් කන්න නැතිව බල්ලන්ට හැට්ට මහනවා.
ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 4 ලක්ෂය ඉක්ම වේ. ඒ කියන්නේ අද උපදින දරුවෙක් ලෝකෙට ලක්ෂ 4ක් ණයයි. මේ මී හරක් කියුබාවට ආධාර දෙන්න යනවා. ගෙවල් වල තියන සල්ලිවලින් දීපල්ලා.. බඩගින්නෙත් දරුවෝ මැරෙන, මාසෙට ගන්න ඕන බෙහෙත් සතියකට විතරක් ගන්න මිනිස්සු ඉන්න, සමහර පැතිවල පාසල් අඳින්න එකම ඇඳුමක් විතරක් තියන දරුවෝ ඉන්න රටක්, බලාපියව් එළියට ඇවිත් රටේ බහුතර මිනිස්සු බඩට නොකා ලෙවකනහැටි...
පිට රටවලින් අසීමිත ණය ගන්නවා. මහා ලොකුවට ආධාරත් දෙනවා. මේ විදේශ ඇමැතිගේ බුද්ධිය ගැන බලන්න ඕනෑ. හරියට තමාගේ පුද්ගලික මුදලින් ගෙවනවා වගේ...
කමක් නැහැ දුන්නට. ඒ රටෙන් කෑල්ලක් ලියාගන්න පුළුවන් නම්. අපිට චීනය, ඉන්දියාව, ඇමරිකාව ආධාර දීලා... අපේ සම්පත් ටික ලියාගන්න වගේ...
අපිට මොනතරම් ආර්ථික අපහසුකම් තිබුණත් දනට පිනට දීමට පුරුදු ජාතියක්... ඉතිං අපේ රටෙහි විපතකදි වෙනත් රටවල් ආධාර කරනවා. අපි ඒවා අරගෙන මේ වගේ වෙලාවක ආර්ථික අපහසුකම් තිබුණු පමණින් රටවල් අතර සුහදතාව වෙනුවෙන් කරන දෙයක් අවතක්සේරුවට ලක්කරන එක එතරම්ම හොඳ මදි... ජනතාවට ප්‍රශ්න තියෙද්දී පවා... කරන්නේ කවුරු වුණත් ලංකා ජනරජයේ නමින් කරන එකක්නේ...
මෙයාගේ මොලේ පරීක්ෂා කරනු..
ලංකාවේ මිනිස්සු හැම අතින්ම නන්නත්තාරවෙලා මේ හරක් ටිකක් රට පාලනය කරන්න පටන් ගත්තට පස්සේ... ඒ මදිවට කියුබාවට ආධාර කරන්න කථා කරනවා.
අපි කුඩා ළමයි දෙන්නෙකුත් එක්ක ලෑලි ගෙදර කැල්ලක පැක් වෙලා අපා දුක් විදිනව ඉන්න හරියට ගෙයක් නැතිව...
අපිට ඉන්න හරියට ගෙයක් නැතිව කුඩා ළමයි දෙන්නෙකුත් එක්ක ලෑලි ගේ තමයි ඉන්නේ.. මේවා දකිනකොට අපිට දුකයි... අපි මේ රටේ පුරවැසියෝ නෙමෙයිද කියලා..? උදව් කළාට කමක් නැහැ... අපි දිහාත් බලලා..
ඇත්තටම මේකට හිනා වෙන්නේ කොතැනින්ද කියලා හිතා ගන්න බැරිවෙලා ඉන්නේ.. මෙතන පොඩිම වැඩකට වත් භාණ්ඩාගාරේ තඹ දොයිත්තක් නැතුව ලෝකේ වටේ පොල් කට්ටක් අරන් හිඟමනේ යනවා. ආපදා ආධාර දෙන්න.. දුන්නට කමක් නැහැ, රටේ ආර්ථිකය ගොඩ අරගෙන.. මෙරුවෝ උඩ ඉගිලෙන්නේ උන්ගේ ජීවිතේ අන්තිම කාලේ ළං වුණාමනේ..
ඔබතුමා ගේ වත්කම් ඩොලර් මිලියන 50 කට වැඩි මිසක් අඩු නැත , නුගේගොඩ චැපල් ලෙන් එකේ නිවසම ඩොලර් 500000 වැඩිය වටිනවා නේද ? ඔබට ඕනේ නම් ඔබගේ පුද්ගලික මුදල් වල්ලින් ඔය පරිත්‍යාගය කරන්න , මහජන මුදල් වලට අත තියන්න එපා , එහෙම කලොත් ජනතාව කුපිතවෙලා පාරවල් වහගෙන උද්ගෝෂණ කරවී , හම්බන්තොට මන්දපෝෂණය නිසා ළමුන් මිය යනවා ඔබ නිකන්වත් එම ළමයාගේ පවුලේ ඉතුරු ළමුන් ටික රැක ගන්න එක රුපියල් 50000 දෙන්න කතාකලද ? මෙතුමා අපේ මහජන මුදල් එහෙට මෙහෙට බෙදන්න කතා කරන්නේ හරියට අපේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් වගේ , පින් මන්ත්‍රීකමකුත් අරන් පස්සේ දොරෙන් පාර්ලිමේන්තු ගිහින් විනාශ කරන්න හදන්නේ අපවමය
මෙයා ප්‍රසිද්ධ පෙර්කදෝරුවෙක් වුණාට විදෙස් සේවයේ මෙයාගේ පළපුරුද්ද අවමයි. මෙය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් විදේශ ඇමතිකම දෙනවට වැඩිය හොඳ නැද්ද අවුරුදු 30-40 විදේශ සේවයේ යෙදුණු පළපුරුදු නිලධාරියෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් විදේශ ඇමතිකම දුන්නා නම්...? අගමැතිගේ පුද්ගලික හිතවත්කම් මත නුසුදුසු තනතුරු වලට පත්වෙලා අපේ රට කනවා.. එජාපෙට ඡන්දේ දෙන පුද්ගලයන් කරුණාකර ලබන ඡන්දෙදී අගමැතිට මනාපේ නොගහ ගෙදර යවන්න.