IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි

බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයේ කිඹුලන් පිරි වගුරයකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනකු පැය 36 කට පසු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමසන් වැසි වනාන්තරය, ලතින් ඇමෙරිකා රටවල් කීපයක් පුරා පැතිර පවතින අතර, එයින් එක් රටක් වන්නේ බොලීවියාවය. මෙම සැහැල්ලු ගුවන් යානය, කාන්තාවන් තිදෙනකු සහ කුඩා දරුවකු රැගෙන ඇමසන් වනාන්තරයට ඉහළින් පියාසර කරමින් තිබියදී එය හිටිහැටියේ අතුරුදන් විය. ඒ, පසුගිය සිකුරාදා (2) දිනයේය.

දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, යානය වනාන්තරයට කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින් එය සොයා යද්දී ඔවුන්ට වගුරක තිබී යානය හමුවුණු අතර, යානයේ නියමුවා, කාන්තාවන් තිදෙනා සහ කුඩා දරුවා යානයේ වහලයට වී සිටිනු දැකගත හැකි විය. 
යානයෙන් අඩක් වගුරේ ගිලී ගොස් තිබුණු අතර, එම වගුර කිඹුලන්ගෙන් පිරී ගිය එකක් යැයැ පැවැසෙයි. 

29 හැවිරිදි යානයේ නියමුවා පසුව පැවැසුවේ, යානය වගුරට ඉහළින් පියාසර කරද්දී ඇන්ජිමේ දෝෂයක් හටගත් බැවින්, යානය හදිසි ගොඩබෑමක් ලෙස වගුරට පතිත කළ බවය.

දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පැවැසුවේ නියමුවාත්, කාන්තාවන් තිදෙනාත්, කුඩා දරුවාත් යහතින් පසුවන බවත්, ඔවුන් සුළු තුවාල ලබා සිටින බවත්ය. 

ගුවන් යානය, උතුරු බොලිවියාවේ බෝරාස් නුවර සිට ට්‍රිනිඩෑඩ් නුවර තෙක් පියාසර කරමින් තිබියදී මෙම අකරතැබ්බට මුහුණ දුන් බව ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site