
(උපාලි ආනන්ද)
දැඩි ලෙස ආරක්ෂිත උරග සතකු වන කිඹුලකු ගල්කිරියාගමදී මරා මස් කර සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ වරද පිළිගත් සැකකරුවකුට සහ එකී වරදට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබා සිටි සැකකරුවන් සිව් දෙනකුට මුදලින් රුපියල් තුන් ලක්ෂ විසි දහසක දඩයක් කැකිරාව මහේස්ත‍්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියම කළාය.
ඒ එක් සැකකරුවකුට මුදලින් රුපියල් අසූ දහස බැගිනි සැකකරුවන්ට මෙසේ දඩ නියම වූයේ වනජීවි නිලධාරීන් විසින් සැකකරුවන්ට එරෙහිව නගා තිබූ චෝදනාවන්ට ඔවුන් වරද පිළි ගැනීමෙන් අනතුරුවය.
මෙසේ දඩ නියම වූයේ ඒ. එම් ඉදුනිල්, සනත් ගුනතිලක, පී බී නිමල් රංජිත් දිසානායක සහ එච්. බී. නන්දසේන සහ කේ. ජී . චමින්ද විජේනායක යන සැකකරුවන්ටය.
වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 30 (2) වගන්තිය ප‍්‍රකාරව සැකකරුවන් කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ කිඹුල් ගොවිපොළවල් බහුලව පැවැත්වෙනවා. ඔවුන්ගේ කෑමට වෙනත් සත්ව ගොවිපොළවලින් ඉවත් කරන කොටස් මෙන්ම දඩාවතේ යන බල්ලන්ද ගන්නවා. ශීතකල කිඹුල් මස් මෙන්ම කිඹුල් කරවලද ජනප්රිය කෑමක්. ලංකාවේත් මෙය කළ හැකි නම් වටිනවා.
අපේ රටේ සමහර නීති ගැන හිතන කොට මට හිනා යනවා. කිඹුලාට මිනිහෙක්ව කන්න අවසර තියෙනවා.. හූට කිසිම කරදරයක් නැතුව තව ඉදිරියට මිනිස්සුන්ව දහගෙන ආහාරයට ගන්න පුළුවන්. හැබැයි මිනිහෙක් කිඹුලාව ආහාරයට ගත්තානම් ඉතින් හිරේ විලංගුවේ තමයි ලගින්ට වෙන්නේ