(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල ‘ජවය තරුණ සංවිධානය’ දින තුනක් පුරා පවත්වන්නට වූ නාට්‍ය සංදර්ශන මාලාව සහ භාණ්ඩ සල්පිල් වෙන්දේසියේදී කිඹුලා බනිස් ගෙඩියක් රු 34600 ක මුදලකට ලබාගැනීමට ජ ර් මන් ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේදී සමත් වී තිබේ .
වෙන්දේසිය සඳහාම ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් විසින් බේකරියකට ඇනවුමක් ලබා දී කිඹුලෙකුගේ හැඩය ඇති විශේෂ බනිස් ගෙඩියක් ඉදිරිපත් කොට තිබිණි.
ඒ අනුව ශ්‍රී ලාංකික ප්‍රදේශවාසීන් තරුණ පිරිසක් සහ මෙම නාට්‍ය සන්දර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටි ජර්මන් ජාතික පිරිසක් අතර පැය කිහිපයක වෙන්දේසි සටනකින් පසුව විදෙස් ජාතික කණ්ඩායම මෙම කිඹුල බනිස් ගෙඩිය මිලදීගෙන තිබේ
මිලදී ලබාගත් බනිස් ගෙඩිය මෙම විදේශීය සංචාරකයන් කුඩා දරුවෙකුට ලබාදීම සිදුක කළ බව සංවිධායකයෝ පවසති.
මෙවැනි වෙන්දෙසි යකදී කිඹුලා බනිස් ගෙඩියක් රු 22200ක මුදලකට මිට වසර කීපයකට ඉහතදී ගලෙන්බිදුනවැව පඩිකාරමඩුව පැවති සංදර්ශනයකදී අලෙවි වී තිබිණි .
මෙහිදී ගීත ගායනා ගීත මුද්‍රා නාට්‍ය සංදර්ශන ආදී විනෝද කාමී අවස්ථා රැසක් පවතී අතර වෙදෙස් සංචාරකයෝ ද විනෝද වීම සදහා පැමිණ සිටියහ .
විරිදු ශිල්පී චමින්ද කුමාර ගල්ගමුව විසින් රු 34.600 ක වාර්තා ගත මුදලකට මෙය වන්දේසිය සිදුකර තිබේ ,
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කිඹුලා බනිස 34600 කට වෙන්දේසි වෙයි