(අංජුල මහික වීරරත්න)
කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
කෘෂිකර්මය පිළිබඳ උපදේශක කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉදි කිරීම් සදහා විශාල වශයෙන් කුඹුරු ඉඩම් ගොඩ කෙරෙමින් පවතින බවත් ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහයෝගය පළ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
එම කරුණු සලකා බලමින් කුඹුරු ගොඩ කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කර එම වාර්තාව ලබා ගන්නා තෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම තාවකාලිකව අත් හිටුවීමට මේ අනුව පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
මෙම තහනම සෝජාන් ක්‍රමය වැනි වගා කටයුතු සඳහා අදාල නොවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඹුරු ඉඩම් ගොඩ කිරීම තහනම් කරයි