IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කුමන්ත්‍රණ වලට හසුවෙන්න එපා

(අංජුල මහික වීරරත්න)

ගමන කඩාකප්පල් කරන කුමන්ත්‍රණකාරීන්ගේ ගැට වලට හසු නොවී ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අමතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

කලාප සංවිධායකවරුන් අතර පවතින සමගිය පක්ෂයේ අභිවෘද්ධියට මනා පිටුවහලක් බවද මහලේකම්වරයා කීය.

මෙහිදී ජනාධිපතිවරයා අතින් එජාප කලාප සංවිධායකවරුන් පත්වීම් ලිපි ලබා ගත් අතර උත්සවය අමතමින් එජාප මහ ලේකම්වරයා මෙසේද පැවසීය.

ප්‍රශ්න වලට මැදිහත් වුවහොත් අපේ අරමුණ කරා යන්න බැරි වෙනවා. කලාප සංවිධායක පත්වීම ලබාගත් ඔබ ඒ කාර්යභාරය ඉටු නොකරන්නේ නම් කණගාටුවෙන් වුවද ඒ තනතුරෙන් ඉවත් කිරීමට  සිදුවෙනවා.  

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,එජාප සභාපති වජිර අබෙිවර්ධන,  උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප:- ප්‍රදීප් පතිරණ )



අදහස් (7)

කුමන්ත්‍රණ වලට හසුවෙන්න එපා

පුරවැසියා Wednesday, 03 July 2024 05:10 PM

කුමන්ත්‍රණයකින් ජනාධිපති වෙලා රටේ මුලු ජනතාවගේ ජීවිතයම කඩාකප්පල් කරලා තව කියවන්නත් එනවා..

:       143       33

විජිත් Wednesday, 03 July 2024 05:40 PM

..බල්ලෝ ලිහාදමා, මාසාජ් කරන්න කොසු ඉදල් මෝල්ගස් රෙඩි කරගෙන , ස්නානයට මුත්‍රා පිරවූ බාල්දි රෙඩි කරගෙන ජනතාව බලා සිටිති ..ආසන සංවිධායකයෝ එනකම් ජනතාව ප්‍රීතියෙන් බලා සිටිති, නොඉවසිල්ලෙන් බලාසිටිති.

:       0       0

Remal Wednesday, 03 July 2024 06:32 PM

ඡන්දය තියන්න අපි හොදට කළ ගුණ සළකන්නම්

:       0       0

Achini Wednesday, 03 July 2024 07:39 PM

ඔහු පරදින බව ඔහු දනී ඒකයි එයා නිතරම කියන්නෙ එන්න අපි එකතුවෙලා රට හදමු, එකතුවෙලා රට මංකොල්ලකන්න

:       0       0

Cha Wednesday, 03 July 2024 09:06 PM

ඡන්දෙ කල් දාන එකනේ කුමන්ත්‍රණය...

:       0       0

Rata Perata Wednesday, 03 July 2024 09:57 PM

අපිනම් අහුවෙන්නේ නෑ. පොහොට්ටුවෝ 134 දෙනා තමයි අහුවුණේ.

:       0       0

Nishan Thursday, 04 July 2024 01:02 PM

පුරවැසියාගේ නායකයෝ පැනලා දිව්වා. දැන් කයිවාරු ගහ ගහ රට පුරා ඇවිදිනවා පිස්සුවෙන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site