IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘කොමාන්ඩර් පරාක්‍රම සමරවීර’ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය විවෘත කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ ‘කොමාන්ඩර් පරාක්‍රම සමරවීර’ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කළේය.

මෙම අවස්ථාවට කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතාගේ බිරිඳ සුදර්ශනී සමරවීර මහත්මිය විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගි වූවාය.

මෙම ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ  වොලිබෝල්, පැසිපන්දු, බැඩ්මින්ටන්, දැල්පන්දු, කරාටේ, ජූඩෝ, ටයිකොන්ඩෝ, මල්ලවපොර, වූෂූ සහ කබඩි යන ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසක් සඳහා පහසුකම් ඇති අතර එකවර විශාල ප්‍රේක්ෂක පිරිසකට තරග නැරඹීමේ පහසුකම් ද තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතා 1996 වසරේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මියගියේය.

මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති සහ බටහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්ෂ ක්‍රීඩා කපිතාන් ආර්.එස්.සී.ආර්. ෆොන්සේකා, කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතාගේ පුතුන් වන ලුතිනන් කොමාන්ඩර් වෛද්‍ය සමිත සමරවීර සහ ලුතිනන් කොමාන්ඩර් (සැපයුම්) භාතිය සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

‘කොමාන්ඩර් පරාක්‍රම සමරවීර’ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site