IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කම්කරු නිලධාරීහු කේෂ්ත්‍ර රාජකාරි වලින් ඉවත් වෙති

විනීතා එම් ගමගේ
 
කම්කරු නිලධාරීහු ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට කේෂ්ත‍්‍ර රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය කියයි. 


ගමන් වියදම් සඳහා ගෙවනු ලබන රුපියල් දස දහසේ දීමනාව මාස කිහිපයකින් නොගෙවීම නිසා මේ තීරණය ගත්  බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමයේ සභාපති සී අයි ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 


බස්නාහිර, වයඹ, සබරගමුව ඇතුළු පළාත් කිහිපයක මෙම දීමනා මාස කිහිපයකින් ගෙවා  නැතැයි පැවසූ ගමගේ මහතා වයඹ පළාතේ ඉකුත් සැප්තැම්බරයේ සිට ගෙවා නැතැයි ද, බස්නාහිර පළාතේ නොවැම්බර් සිට ගෙවා නැතැයි ද කීය. 
දකුණු පළාතේ ඔක්තෝබර් මාසයේ සිට මෙම දීමනාව ගෙවා නැති  බවද සබරගමුව පළාතේ ඉකුත් ඔක්තෝබරයේ සිට ගෙවා නැති බවද කියා සිටියේය. 


මහ බැංකුවෙන් මේ දීමනා සඳහා මුදල් වෙන් කර ඇති නමුත් කම්කරු දෙපාර්තමේන්තුවේ ගිණුම් දුර්වල කළමණාකාරිත්වය මෙම තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇති බවද ගමගේ මහතා පැවැසීය.


සාමාන්‍යයෙන් සිදුවන්නේ කම්කරු නිලධාරින් කේෂ්ත‍්‍ර පරික්ෂණ රාජකාරි සඳහා තම අතින් වියදම් කර පසුව එම දීමනාව ඉල්ලීම බවත් මෙසේ මාස ගණනක් තිස්සේ එම මුදල් නොගෙවීම නිසා බොහෝ නිලධාරින්ට ලබන පාසල් වාරය සඳහා දූ දරුවන්ට පොත්පත් මිලදී ගැනීමට හැකියාව ලැබී නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය. 


මේ නිසා සංගමයේ විධායක සභාව රැස්වී ජනවාරියේ සිට කේෂ්ත‍්‍ර රාජකාරි සීමා කිරීමට තීරණය කළ බවත් ඒ පිළිබඳව සාමාජිකත්වය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ගමගේ මහතා සඳහන් කළේය. 
 
 



අදහස් (0)

කම්කරු නිලධාරීහු කේෂ්ත්‍ර රාජකාරි වලින් ඉවත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site