IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කම්කරු කොමසාරිස්ට අධ්‍යක්ෂක තනතුරක්

(විමුක්ති එස් රුද්‍රිගු)

කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කර තිබේ.

චන්ද්‍රකීර්ති මහතා රාජ්‍ය සේවයේ වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.ඔහු ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ මෙන්ම ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ උප සභාපතිත්වය ද හොබවයි.

චන්ද්‍රකීර්ති මහතා 1998 වසරේදී  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 2000 වසරේදී රාජ්‍ය සේවයට බැඳී තිබේ.අනතුරුව ඔහු 2008 වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇත.

චන්ද්‍රකීර්ති මහතා 2014 වසරේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන ඇති අතර 2017 වසරේදී  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය නිම කරමින් නීතීඥවරයකු වීමේ සුදුසුකම සම්පූර්ණ කර තිබේ. චන්ද්‍රකීර්ති මහතා රුසියාවේ මූලික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇත.

චන්ද්‍රකීර්ති මහතා සංචාරක කළමනාකරණය, රාජ්‍ය කළමනාකරණය සහ රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍ර පිළිබඳ ඉහළ දැනුමක් සහිත දශක දෙකකට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති අත්දැකීම් බහුල වෘත්තිකයෙකි.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සිදු කළ සුවිශේෂී කාර්යය භාර්ය හඳුනාගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් "ප්‍රදීප් ප්‍රණාම" සම්මානය පිරි නමනු ලැබ ඇත.එසේම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයෙන් පිදෙන සුපිලිපන් රාජ්‍ය නිලධාරියා සම්මානයද ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා හිමිකර ගෙන තිබේ.



අදහස් (0)

කම්කරු කොමසාරිස්ට අධ්‍යක්ෂක තනතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site