
(විමුක්ති එස් රුද්‍රිගු)
ගාසා තීරයේ ආහාර, ජලය හා වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට පැමිණි 56 දෙනෙකු ඊයේ (03) ඊශ්‍රායල හමුදා වෙඩිතබා ඝාතනය කර ඇති බවත් ඉන් 27 දෙනකු පැමිණ ඇත්තේ ආහාර සොයා ගෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය.
එසේම තවත් ගසා වැසියන් 6 දෙනෙකු ඊයේ (03) කුසගින්න හේතුවෙන් මියගොස් ඇතැයිද එම පුවත් සේවය පැවැසුවේය. එම සිදුවීමත් සමග පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා ආහාර, ජලය හා වෛද්‍ය පහසුකම් සොයා පැමිණි ගසා වැසියන් 1300 ක් ඊශ්‍රායල හමුදා අතින් ඝාතනයට ලක්ව තිබෙන බවද අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
ගාසා තීරයේ කුසට ආහාරයක් නොමැති වීම හේතුවෙන් මේ වනවිට 175 දෙනකු මියගොස් ඇතැයි තහවුරු වී තිබෙන බවත් ඉන් 93 ක් ළමුන් බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය. ගාසා තීරයේ ළමයින් 6000 කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් 1000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාර්ග බාධක හේතුවෙන් දිනකට ගාසා තීරයට ඇතුළු වන්නේ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 80ත් 100ත් අතර ප්‍රමාණයක් බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාර්ග බාධක හේතුවෙන් දිනෙන් දින කුසට ආහාරයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින මියයන ගාසා වැසියන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවද එම පුවත් සේවය ප්‍රකාශ කළේය.
මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 22,000 ගාසා තීරයට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් රැඳී සිටින බවද එම පුවත් සේවය පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ ජිනීවා නීති අපට විතරද? ඇයි දෙගොල්ලකට දෙවිධියකට...? බලවතාට එක විධියක් දුබලයාට වෙන විධියක්...
ලංකාවේ අපි නම් මොනවා කිව්වත් ඊශ්‍රායලයට තමයි අපේ සපෝර්ට් එක... කාලකණ්ණි.
හිට්ලර් විතරයි ඒක හරියට කලේ. ආයි ඉතිං හිට්ලර් කෙනෙක් කවද එයිද.