
(ඩී.කේ.රත්න)
ඌවපරණගම සහ වැලිමඩ ප‍්‍රදේශයේ මෙවර මහ කන්නයේ දේශිය අර්තාපල් අස්වනු නෙලීම ආරම්භව ඇතත් කාබනික පොහොර භාවිතය හේතුවෙන් අර්තාපල් වගාව අතර පණුවන් බෝවීම නිසා වගාවන් විනාශ වී ඇතැයි ඌව පරණගම අර්තාපල් ගොවිහු කියති.
මෙවර කන්නයේදී විශාල මුදලක් වැය කර ප‍්‍රදේ්ශයේ ගොවි ජනතාව අර්තාපල් වගා කර ඇතත් පනුවන් විසින් අර්තාපල්වලට හානි කරීම නිසා එම අර්තාපල් අස්වනු අඩු වී ඇතයි ද ගොවීහු පවසති.
මෙම තත්වය හමුවේ අර්තාපල් වගාව ඉදිරියටත් කරගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇතැයි පවසන අර්තාපල් ගොවීයන් වී ගොවින්ට මෙන්ම අර්තාපල් ගොවීන්ටද තමන්ගේ අඩුවුන අර්තාපල් අස්වනු සදහා වන්දි ලබා දෙන්නයි අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි වසවිස නැති එක... අපේ සර්ටත්, මහින්දානන්දටත් ටිකක් එවමු..
දැන් කබ්බ්‍රාල් උන්නැහැ රුපියල් අච්චු ගහලා ඔක්කෝටම බෙදන්න දන්සැල වගේ... බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම මේ වගේ දේවල් වෙනවා. කබ්‍රාල් උන්නැහේ සාමාන්‍ය ගණකාධිකාරිවරයෙක් විතරයි. ඔහු දන්නා ආර්ථික විද්‍යාවක් නෑ. ඔහු අලුත්ම ආර්ථික ඝාතකයා...
සර්ට කියන්න.. එයා තමයි හරියට කළේ...