
උතුරු කොරියා නායක කිම් ජොන් උන් කුම්සුසාන් සොහොන් ගැබට පුෂ්පෝපහාර දැක්වීමට ගිය අතර, කිම් ජොන් උන්ගේ දියණිය ජූ ඒ ද එම අවස්ථාවට එක් වූවාය.
උතුරු කොරියා නායකයන්ගේ දේහයන් තැන්පත් කර ඇත්තේ, එරට යොංග්යැංග් අගනුවර පිහිටි මෙම කුම්සුසාන් සොහොන් ගැබ තුළය.
දියණිය ජූ ඒ කුම්සුසාන් සොහොන් ගැබට ගොස් ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව වන්නේ මෙය යැයි ද පැවැසෙයි.
නායක කිම් ජොන් උන්ගේ බිරිඳ මෙන්ම, ජූ ඒගේ මෑණියන් ද වන රී සෝල් ජූ ද පුෂ්පෝපහාර දැක්වීමට කුම්සුසාන් සොහොන් ගැබට පැමිණි බව උතුරු කොරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.