
(නිමන්ති රණසිංහ)
බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන මැයි මස 02 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අද (18) යළි සිතාසී නිකුත් කළේය.
එසේම හිටපු මහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයෙන් පනවා තිබු විදෙස් ගමන් තහනම එදින තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ද අධිකරණය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා... අනිත් හොරුන්ටත් විරුද්ධව නඩුදාලා රටින් පනින එක නවත්වන්න... ඉක්මණටම...
රටේ ඩොලර් අර්බුදයටත්, උද්ධමනයටත් මොහුගේ තීරණ තදින්ම බලපෑවා. අද අප දුක්විඳින්නේ මොහුගේ තීරණ නිසායි.
හිරේ දායිද මන්දා? අනේ පව්...!
මිලියන් 20 කට අධික ජනගහනයක් විපතට පත්කිරීමට කටයුතු කරපු සැමට දැන්වත් නිසි දඬුවම් ලැබෙයි කියලා විශ්වාස කරනවා.
මූලික පියවරක් විදිහට අනිත් හොරුන්ටත් රටින් පිටවීම තහනම් කරගත්තොත් ලොකු ජයක්...
මිනිසුනේ, මේ සූදානම් වෙන්නේ මොහු පමණක් වරදකරු කර, අනික් ලොකු හොරු ටික ඇඟ බේරාගැනීමටයි.
මේ රටේ ආර්ථිකය විනාශ කරන්නත් දායක වුණා. රටම විනාශ කරපු සියලුම දූෂිත දේශපාලුවන්ට විරුද්ධව නීතිමගින් කටයුතු කළ යුතුමයි.
මොහු බොහෝවිට අර්ජුන් මහේන්ද්‍රන් මෙන් දේශපාලන ආශීර්වාදයෙන් විදේශගත වනු ඇත.