(යොහාන් භාසුර)
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරයට ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ජයන්ත කැටගොඩ මහතා වර්තමාන ආණ්ඩුව ආරම්භයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි අතර බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට මීට මාසයකට පමණ පෙර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පින් ඇමැති කෙනෙක්...
සංගීත පුටු තරගයක් වගේ
පාර්ලිමේන්තුවේ බල්ටි ගහනවා, පුටු මාරු කරනවා, තනතුරු මාරු වෙනවා මිනිස්සුන්ට පාන් කියාගන්න බැහැ. මේවට මොනවද කියන්නේ?
මෙයා පාර්ලිමේන්තුවට එන්නේ මොනවා කරන්නද?
ආටක නාටක වලට හොඳයි ඔය විගඩම්
මේ අය අපේ රට ඒ අයගේ කෙලි සෙල්ලම් පිටියක් කරගෙන තියෙන්නෙ දැන් මේ අය බොරුවට රඟනවා.
අනේ රටේ ජනතාවට මොනතරම් සැනසීමක්ද? මේවගෙ තනතුරු කතා බහ කරල සාකච්ඡා කරල , තනතුරු තානාන්තර බෙදා ගැනීම ගැටලුවක් නොවන විදියට.
මඤ්ඤං රටක අපිත් ඉපදුනානේ කටාර් වල අපි
නිසැකවම මේ වීරවංශට තවවරක් කනට ගහන්න යොදපු උප්පර වැට්ටියක්... කොරෝනාවලට මුහුණු ආවරන වගේ කන් ආවරණ නැද්ද?...