
(ඩයනා උදයංගනී)
වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් රටම අසමත් වී ඇතැයි ජාතික උරුම සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
මේ වන විට කැබිනට් මණ්ඩලය ෆේල් බව පැහැදිලි වන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳ දැනුමක්, හැඟීමක් ඇති අය පත්කරගැනීම සිදුකළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද (30) පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
නව කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන රටේ ඉදිරි ගමනක් යාම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමත් එකම දේ හොරාකෑම. නුඹලා සේරම අස්වෙලා ගෙදර පලයව්....
මෙන්න අඟේ ඉඳන් කණ කනවා..
අපොයි ඕක අපිනම් තේරුම් ගත්තේ මහ ලොකුවට කට්ටිය මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දුන්න දවසේමයි. අපි එදාම කතා වුනේ දිරච්ච අඹ ලෑලි, ලුණුමිදෙල්ල වගේ ලී වලින් කොහෙද හොඳ කැබිනෙට්ටුවක් හදන්නේ කියලා. වැඩිහරියක් ඒවා ගුල්ලෝ ගහපු දිරච්ච ලී නොවැ... ?
මේ අනික් කෙනා.... විසිල් ගහනවා. බල්ටි නෑ. ගැලරියට හැමදාම චූන් කතා දෙනවා. හොරණ ආසනේ මිනිස්සු දැන් මෙයා ගැන හොඳට දන්නවා. මෙයාගේ වැඩ නිසා ප්‍රාදේශීය සභා අයවැය දෙවන පාරත් පරාදයි. කැබිනට් එක හොඳ නැත්නම් බහින එකනේ ඇත්තේ දොට්ට...
මෙයාට තියෙන්නේ මෙයාව කැබිනට් එකට ගත්ත නැති ශෝකය. මේ ඔක්කෝටම හපන් හෙට ඡන්දයක් තිබ්බොත් ඒත් අත උස්සනවා...
ඇයි අල්මාරියකට දාලා බැලුවොත් මොකද?
හිස් මිනිස්සුන්ගේ හිස් වචන.., ආණ්ඩුව සමග මොවුන් සියලු දෙනාම අතුගා දැමිය යුතුයි..
ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න. නැත්නම් මිනිස්සු ගල් ගහල එලවන්නේ තව ටික දවසකින්...
විදුර, කොහොමද ඔබව විශ්වාස කරන්නේ? 20ඒ ටත් ඡන්දෙ දුන්නා..!
අපේ ගෝටා සර් ෆේල් කියලා නොකියා කියනවා..
ඔවුන් සියල්ලෝම බොරුකාර දූෂිත රෞද්‍රයෝය. එළියේ කෑ ගැහුවත් පාර්ලිමේන්තුව ඇතුළේ අත උස්සනවා.. දූෂිත පනත්වලට සහ අයවැයට. ජනතාව කරුණාකර මේ දූෂිත දේශපාලකයින් විශ්වාස කරන්න එපා. ඔවුන්ට බොරුවට ඔබ රුවටීමටයි හදන්නේ. හොඳ, අවංක මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න කාලය පැමිණ ඇත...!
මිනිස්සු වෙඩි ගහලා පෙරහැර යන්න පටන් ගන්නකොට මේ අය කස ගහන්න පටන් අරන්... කාලකණ්ණි රැළ පන්නන්න ඕනේ රෙදි නැතිව..
කොන්ද පණ තියෙන මහජන නියෝජිතයෙක්..
ඔබත් ඉන්නේ එකම කැබිනෙට්ටුවේ... කරුණාකර ඉවත්වෙන්න...
කැබිනට් මණ්ඩලය විතරයිද ෆේල්? එය පත්කළ නායකයන් අසමත් නැද්ද? කැබිනට් මණ්ඩලයෙන් වැඩගන්න බැරි නියකයින් පාස්ද? මුලු රටම අසමත්...
මේ කියන කතාව සහතික ඇත්ත... අද රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වුවමනා ප්‍රධාන දේවල් ගන්න පාන්දර ඉඳන් ගව්ගණන් පෝලිම්. එ්ත් අපි හැමදාම TV නිවුස්වල දකිනවා ගොඩක් දේවල් ගන්න බැරුව ආණ්ඩුවට දෙස්දෙවොල් තියතිය හිස් අතින් මිනිස්සු ගෙදර යනවා. ගෙදර දරුවන් කිරිපිටි ඉල්ලලා අඬනකොට දෙමව්පියෝ කොච්චර අසරණ වෙනවද? මුළු ලෝකෙම කොරෝනා තිබුණත් අපේ කිසිම රටක් මෙහෙම බංකොළොත් වෙනවා දැක්කේ නැහැ. වත්මන් ආණ්ඩුවේ අවිධිමත් මුදල් පරිපාලනය සහ නූගත් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් රටම අසමත් වී රටම කඩාවැටී ඇති බව මොනවට පැහැදිලිද?
කැබිනෙට්ටුවේ ජනපති ඇතුළු සියලු හැතිකරේ පන්නා දැමිය යුතුයි. මහ එකාට පිස්සු නම් ඇමැති මණ්ඩලේ මාරුකරලා හරියනවද?
"කැබිනෙට්ටුව අසමත් නිසා රටම අසමත්" කතාව නම් ඉතා නිවැරදියි. ඒත්, තව කොපමණ වෙනස්කම් කළත්, මේ තත්වයේ වෙනසක් සිදුවේ යැයි කිසිසේත් විශ්වාස කරන්න අමාරුයි. අසාර්ථකත්වය ඕනෑවටත් වඩා ඔප්පු කොට හමාරයි. දැන් අවශ්‍ය වන්නේ රට වැටීඇති මහා ප්‍රපාතයෙන් ගොඩගැනීමට පක්ෂ භේදයෙන් තොරව එකාමෙන් ඒකරාශී වීමයි.
තවත් කොන්දක් නැති පම්පෝරි කාරයෙක්..
මෙවැනි නිර්භීතව හඬනගන ඔබවැනි සැබෑ නායකයින් රටට අත්‍යාවශ්‍යයි..
මේ ඉන්නේ දවල් මිගෙල්, රෑ ඩැනියල් චරිතයක්.. එළියේ ජනහිත කාමීය.., ඇතුළේ අත උස්සනවා ඕන කුණුගොඩකට... 20ට විරුද්ධව එළියේ ලොරි ටෝක්ස්.., මෙන්න පනත සම්මත කරන්න මේ යොධයා අත උස්සලා. මේ ජාතිය කවදාවත් විශ්වාස කරන්න එපා මිනිසුනේ...
මේ කැබිනට්ටුව විතරක් නෙමෙයි. ඔහේ හිටිය කැබිනට්ටුවත් නිකන්ම නිකන් රාක්කයක් විතරයි. හොරුන් අල්ලනවා කියලා ඇවිල්ලා හොරුන්ව නළවලා ඔහෙලා තමයි මේ තත්වය ඇති කරන්න පාර කැපුවේ. දැන් අනිත් අයට ඇඟිල්ල දික් කරන්න එපා.. තමන් මොනවද කළේ කියලා පාපෝච්චාරණයක් කරන්න.
කැබිනට් ඇමැතිකමක් එහෙම ලැබිලා තිබුණා නම්... නේද?
මිනිසුන් අතරේ බොරු වීරයා වෙන්න නිකන් කැබිනට්ටුවට බැනලා ශේප් වෙන්න හදන්නේ.., මොකද එතැනින් උඩ ඉන්න අයට බැන්නොත් වෙන දේ දන්නවානේ... මුළුරටම දන්නවා කවුද අසමත් කියලා...
මේවට වගකියන්න ඕනේ දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි පවුල් පාලනේ අයයි... ඔවුන්ගේ හොරකම්, වංචා, දූෂණ කෙරුවාවල් නිසා කැබිනට්ටුව විතරක් නෙවෙයි මුලු මහත් ජනතාවම කබලෙන් ලිපට වැටිලයි ඉන්නේ...!!!
සර්, ෆේල් කියලා ජනතාවට තේරිලා ඉවරයි. ඔයාලාට තේරෙන්න නම් ඡන්දයක් එන්නම ඕනේ...