(අජන්ත කුමාර අගලකඩ)
ඇමැතිධුර සඳහා නම් කරමින් යැවූ මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ ගැටලුවක් මත කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල්යමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
කැබිනට් අමාත්‍යධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස කීපයකට පෙර යවා තිබූ අතර,එහි සඳහන් මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ නම් සම්බන්ධ ගැටලුවක් මෙම පත්කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි පැවසේ.
ඇමතිධුර පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ද නිතර නිතර විමසා ඇති නමුත්, නම් කිහිපයක් සම්බන්ධයෙන් පවතින අකැමැත්ත මත එය තවදුරටත් ප්‍රමාද වී ඇතැයි දැනගන්නට තිබේ.
මේ තත්වය හේතුවෙන්,ඇමතිධුර නොලැබීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
173
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබිනට් සංශෝධනයට හතරක් හරහට
ravin Saturday, 05 November 2022 07:36 PM
දන්නෝ දනිති.
siri Saturday, 05 November 2022 07:41 PM
රට බංකොළොත් කරා මැදිවට තව ඇමති ධූරත් බලාපොරොත්තු වෙනවද?