(රංජන් කස්තුරි)
ඉන්දියාවේ පූර්ණ සහාය ඇතිව කාබනික පොහොර මධ්‍යස්ථානයක් ශ්‍රි ලංකාවේ ඉදි කිරීමට තමන් යෝජනා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කියයි.
කාබනික පොහොර කෘෂිකර්මාන්තයට යොමු වීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයට අවශ්‍ය සහාය ලබාදෙන බව ද ඉන්දීය මහ කොමසාරිස්වරයා කීවේය
කාබනික කෘෂිකර්මාන්තයේ අත්දැකීම් බෙදා ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මාර්ග ගතක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මහ කොමසාරිස්වරයා එම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය පුහුණුව,තාක්ෂණික ඥාණය ප්‍රවීණයන් අතර හුවමාරු, සංචාර සංවිධානය කිරීමට දායකත්වය ලබාදීමට ද එහිදී ගෝපාල් බාග්ලේ මහතා කැමැත්ත පළ කළේය.
ශ්‍රී ලංකාවේදී ජෛව පොහොර නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු යොදන ලෙස ද මහා කොමසාරිස්වරයා පොහොර සමාගම්වලින් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ආචාර්ය මහාචාර්යලා හැමතැනම
තව හාල් ටොන් මිලියන ගණනක ටෙන්ඩර් ෂුවර් බව තහවුරු කිරීම සඳහා මග පෙන්වීම. අති සාර්ථක මෙහෙයුමක්....
මොකදද මේ කියන්නේ
සජබයි ජවිපෙයි ඉන්දියාවත් එක්ක තරහ වෙන පොටක් ඕක.
කොහොමත් අපිට කොරෝනා එන්නත දෙන්න දුන්න පෙරොන්දුව වගේ එකක් වෙයිද
කොහොමහරි ඔලුව දාගනන තමයි බලන්නේ
උදව් ගන්නවා නම් ඊශ්‍රායලය, බෙල්ජියම, නෙදර්ලන්තය වගේ රටවල් මිසක... ඉන්දියාව බොහෝම පසුපස ඉන්නේ.. පිරිසිදු කොම්පෝස්ට් නිෂ්පාදනය ගැන සිතනකොට...
අපේ රටේ ඉන්න මහචාර්යවරුන්ට කොම්පෝස්ට් ටිකක්වත් අපේම කියලා හදාගන්න බැරිද? ආවේ දේශීය දේශීය කියාගෙන..!
ඇයි අපිට කරන්න බැරි...? මේ කියන ඔක්කොම අපිට තියෙනවා.. අනික මීට කලින් අපි මේක කරලා තියෙනවා.. උදා... තිස්ස ප්‍රාදේශීය සභාව..!!!
කල දුටු කල වල ඉහ ගන්නද හදන්නේ? අපිට තමුන්ගේ ජරා ගොඩවල් එවනවා එහෙම නෙවෙයි...
අපේ අයට තේරෙන්නේ නැති වුණාට එයාලා දන්නවා කාබනික පොහොරවලට යොමු වීම හොඳයි කියලත්... ඒකෙන් ආදායමක් ගන්න පුළුවන් කියලත්...!!!
ඉන්දියාවේ සාර්ථක කාබනික වගාවන් කරනවා. සමහර ප්‍රාන්ත සම්පූර්ණයෙන්ම වගේ කාබනික කෘෂිකර්මාන්තයට යොමුවෙලා තියෙන්නේ. හැබැයි මේ හැරෙන්නේ කෙහෙල් ගහටද? පොල් පැලේටද? කියලා පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා.
ඔය වැඩේට ඉන්දියාවෙන් උදව් ගන්න ඕනේ නැහැ. මට වුණත් හොඳ අදහස් දෙන්න පුළුවන්.
ඔවුන්ගේ රටේ කාබනික පොහොර යෙදීමේ වැඩපිළිවෙළක් ආරම්භ නොකොට අපිට ආධාර ලබාදෙන්නේ ඇයිද යන්න බුද්ධිමත් ව කල්පනා කළ යුතුව ඇත..
ඉන්දියානු බළල් මුදලාලිලා ක්‍රමයෙන් එලියට බහින බව පේනවා.
ක්‍රමය පැසසීම ගැන බොහෝමත්ම වූ ස්තුතිය පුදකළ යුතු අතර ඉතිහාසය පුරාවටම කාබනික පොහොර භාවිතයේ දැනුමක් ඇති, රටට එය කරගත හැකිවනු ඇතැයි සිතමු. 70 දශකයේ ආ විවෘත ආර්ථිකය රෙද්ද කැඩුවාක් මෙන් නොගෙන රටට ගැලපෙන ලෙස යොදාගත් ඉන්දියාව අගය කළ යුතුයි. අපේ පාලකයින් එය විචාරයකින් තොරව බදාගෙන කළ හදියක තරම දැන් දැනෙමින් තිබේ...
අපිට කොම්පෝස්ට් පොහොර ටිකක් හදාගන්න දැනුමක් නැද්ද? පළාත්, ප්‍රාදේශීය මට්ටමින් බෙදිලා කියවන ගෝත්‍රික මට්ටමේ තවම ඉන්නේ. ඒ යුගයේ හිටපු දක්ෂයෝ වඳ වෙලා කීම ඇත්තක්. බලකොටු හදාගෙන හිටපු අය ගෑණු එක්ක ආවේ නෑනේ..
ඕකට කියන්නේ ‘‘කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ‘‘ කියලා... තුමෝ... චීනෙට විතරක් නොවේ. අපිටත් ඕනෑ..
කොම්පෝස්ට් පොහොර ටිකක්වත් හදන්න බැරි ජාතියක්, හරිම ලැජ්ජයි... ඒ වුණාට පම්පෝරිය ගහන්නේ අපි තරම් වැඩ්ඩෝ ලෝකෙත් නැහැ කියලා.