(ඩයනා උදයංගනී)
මහ කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.
නයිට්රජන් සියයට 10 ක් අඩංගු කණිකාමය සී වීඩ් පොහොර මෙට්‍රික් ටොන් 96000ක් සහ සියයට 15 ක් නයිට්රජන් අඩංගු ප්‍රෝටීන පෙප්ටයිඩ මෙට්‍රික් ටොන් 3000 ක් මේ යටතේ ආනයනය කෙරෙන බව රජය පවසයි.
මෙම කාබනික පොහොර යොදාගෙන වී වගා හෙක්ටයාර ලක්ෂ හතක පමණ ප්‍රමාණයක පෝෂණ අවශ්‍යතාව සපුරා ගත හැකි බවත් ඉතිරි පොහොර අවශ්‍යතාව දේශීය නිෂ්පාදකයන් මගින් සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (2) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් විය.
ඒ සඳහා පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර ලබා ඇති කාබනික පොහොර නිෂ්පාදකයන් 39 දෙනෙක් ගෙන් මේ වන විටත් මිල ගනන් කැඳවීමක් සිදුකර ඇතැයිද මෙම මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය නිලධාරීහු පැවසූහ.
වෙබ් එක්ස් තාක්ෂණය ඔස්සේ පැවති මෙම මාධ්‍ය හමුවේදී කාබනික කෘෂිකර්මය දිරි ගැන්වීමේ රජයේ ප්‍රතිපත්තිය හා ඉදිරි මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ගොවීන්ට ලබා දිමේ රජයේ වැඩපිළිවෙල් පිළිබඳව අදහස් දැක්විණි.
මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට සියලු පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හරියන පොටක් නෙවෙයි
අපි සතුටු වුනා රසායනික පොහොර නවත්වලා අපේ රටේ කාබනික පොහොර හදයි කියලා.
විනාස කරන්න පුළුවන් හැමදේම විනාස කරනවා.
මුදල් ගෙවා කුණු ගෙන්නනවා . කාටද කොමිස් ?
" ඉවත දමන දණ්ඩ උවද දළුලා යලි පැලවේ " - මෙහෙම කීවේ මේ රට ගැනම නේද ?
පැන්නා නේද බලලා මල්ලෙන්. ඕකට තමයි දැඟලුවේ.
මේ මොන විහිලුවක්ද? කටින් බතල දඩු හිටවන අපේ වියත්තු, මෙතෙක් කළ හා කරන කිසිම වැඩක කිසිම පිළිවෙලක් සැලැස්මක් නෑ. හරියට කසාද බදින්නත් කලින් බැන්දම ලැබෙන බබා අනාගතේ අහවලා කරනවා කියනවා වගේ තමා අපේ උන්ගෙ වැඩ.
සීඩී වී (1941). පොටෑසියම් පොහොර ලෙස පොල් සහ තෙල් පාම් අපද්‍රව්‍ය වලින් අළු. මලයාන් කෘෂිකාර්මික සඟරාව, 29: 426-436. ----- චීන ප්‍රෝටීන් පෙප්ටයිඩ් පොහොර මත්ස්‍ය කුඩු, ------ ඇමයිනෝ අම්ලය: 85% 80% එන්: 15% කාබනික ද්‍රව්‍ය: 65% කෝඩ් මාළු අස්ථි එන්සයිමොලිසිස් තාක්ෂණය. භෞතික විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය සහ රෝග වලට ප්‍රතිරෝධය වැඩි දියුණු කිරීම, පොහොර යෙදීම හා පළිබෝධනාශක යන දෙකෙහිම යෙදෙන ප්‍රමාණය අඩු කරන්න, භෝග වල ගුණාත්මක භාවය සහ අස්වැන්න වැඩි දියුණු කළ යුතුය.