
(නිමල් ජයරත්න)
පොළොන්නරුව, වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ සිට වැලිකන්ද දක්වා ධාවනය කරමින් තිබූ කැබ් රථයක්, සිංහපුර 11 කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද (15) දහවල් වේගය පාලනය කරගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන කුඹුක් ගසක වැදි සිදුවූ අනතුරකින් කැබ් රථය පැදවූ රියැදුරු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අංක 154, සූරියවැව සිංහපුර ලිපිනයේ පදිංචිව සිටි 54 වියති කේ.ඩී. වසන්ත උදයසිරි කටුපිටිය යන අය බව පරීක්‍ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන විට කැබි රථයේ හයදෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අනෙක් පස්දෙනාද පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
තුවාල ලැබූවන් අවුරුදු 21 ත් 25 අතර වයසේ පසු වන්නන් වන අතර ඔවුන් වැලිකන්ද සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
අධිකරණය කටයුත්තක් සඳහා පොළොන්නරුව දක්වා ගමන් කරමින් සිටියදී මොවුන් අනතුරට මුහුණපා ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබ් රිය පාරෙන් ඉවතට පැන අයෙක් මරුට : 5 ක් රෝහලේ