
ශ්රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) රන් සහතිකය හිමි කරගත් කොළඹ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Capitol TwinPeaks හි නිවාස ගැනුම්කරුවන් සඳහාම සකස් කරන ලද හරිත නිවාස ණය ලබා දෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මේ සඳහා බැංකුව සහ එම ව්‍යාපෘතිය හිමි Capitol Towers Ltd. ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව මෙම නිවාස ගැනුම්කරුවන්ට විශේෂ ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් තම නිවාස මිලදී ගැනීමට පහසුකම් සැපයීමට හා ඔවුන් පරිසර හිතකාමී බවට නැඹුරු වීමේ අවස්ථා වැඩි කිරීමට මෙම ආයතන දෙක ම කටයුතු කරයි.
මෙම සැලැස්ම යටතේ Capitol Towers Ltd. මහල් නිවාස සඳහා සියයට 40 ක් දක්වා සහන මිල ගණන් ලබා දීමට කටයුතු කරනු ඇත. කොමර්ෂල් බැංකුව එකඟ වී ඇති පරිදි ණය මුදල සඳහා ප්‍රකාශිත ප්ලැටිනම් පොලී අනුපාතිකයට වඩා සියයට 1 ක් අඩු කිරීමත් සහ ලේඛන ගාස්තු සඳහා සියයට 50ක වට්ටමක් ද ලබා දෙනු ඇත. තවද බැංකුවේ හරිත නිවාස ණය යොජනා ක්‍රමය සමඟ ලියාපදිංචි වී ඇති තෝරාගත් සූර්ය බලශක්ති නිෂ්පාදන සැපයුම්කරුවන් පස් දෙනකුගෙන් ලබා ගන්නා සේවා සඳහා සියයට 10ක වට්ටමක් හිමිවේ.
මෙම විශේෂිත වූ ප්‍රතිලාභ ලබාගත හැක්කේ 2024 ජනවාරි 31 දක්වා පමණක් බව එම ආයතන සදහන් කරයි.
මෙම ණය මුදල් සඳහා වසර 15ක් දක්වා වූ කාල පරාසයක් තුළදී ආපසු ගෙවීමේ අවස්ථාව ලබා දෙයි. එසේම නඩත්තු කටයුතු සහ පරිසර හිතකාමීත්වය වැඩි කිරීමේ නව සංවර්ධන කටයුතු සඳහා ණය ගිවිසුම නැවත අලුත් කිරීමට ද හැකියාව පවතී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැපිටල් TwinPeaks නිවාසවලට කොමර්ෂල් බැංකුවෙන් හරිත නිවාස ණය