
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් පමණක් යැයි ද ඊට තීන්දු ගන්න බලයක් නැතැයි ද පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අවුරුදු අටක් තිස්සේ හරකෙක් ගේන්න ප්ලෑන් කරනවා.මේ පාරම්පරික ගතානුගතික පරණ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඉවත් කරන්න.එහෙම නැතිනම් හැමදාම විවාද කර කර ඉන්න වෙනවා.වැඩිපුරම මාධ්‍ය සංදර්ශන තියෙන්නේ කෝප් කමිටුවේ. ඉතිහාසයේ ඉඳන් එහෙමයි. රාජ්‍ය නිලධාරීන් ගේනවා. ප්‍රශ්න අහනවා.
නිලධාරීන් අපහසුතාවයට පත් කරනවා.දේශපාලකයන් කණ්ඩායමක් එකතු වෙලා දෙන්නම් වැඩේ කියලා නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා.පරීක්ෂණයක් කරනවා නම් ඒ ආකාරයට පරීක්ෂණ කරන්න පරීක්ෂණ කරන මුවාවෙන් නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න එපා යැයි නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කී වෙනි වටයටද යන්න බලාපොරොත්තුව?
ඒකට ඒ කාලේ .... නිකන් සුදුළූණු පොඩිකරන්නේ නැතුව යන්න.
කෝ- ඔප් ඇති කළ ආණ්ඩු පෙරත් ඔහොම තමයි. දැන් නිලධාරීන් ගැන දුකයි නම් වැටුප් වැඩිවීම්, උසස්වීම් වගේම දූෂණ වලට හවුල් කර නොගත්තේ නම් සහ නූගත් පවුලේ අය ලවා දූෂණය කිරීමෙන් අද ඔවුන්ට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ කිඹුල් කඳුළු එපා.
අපි නම් රියැලටි ෂෝ දැක්කේ දූෂිතම පව්ල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ...
ඔබලා හොරකම් කරපුවා එළියට පේනකොට දැන් රිදෙනවා නේද? මහ ලොකුවට කිව්වේ නම් අපි හොරකම් කළා නම් ඔප්පු කරන්න කියලා... දැන් ඔක්කොම එළියට එනකොට නිකන් හීන් දාඩිය දාගෙන අඬනවා.
ආණ්ඩුව පෙරළුණු දවසට ගිනි තියපුවා, හොරකම් කරපුවා, පාරවල් ගානේ ගහලා මිනී මරපුවා. හොර ගිවිසුම් ගහපුවා... රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, කන්ටේනර් මගඩි ගැන නඩු අහන කොට ලස්සනට තියේවි...
මෙයාලා දැන් හරිම සුද්දවන්තයෝ... අනේ පවු...!
අවුරුදු අටකට ඉස්සර තිබුනේ කාගේ පාලනයද කියා මෙ මැදමූලනට අමතකද? ඒක වෙන්න බෑනේ. ඒ කාලෙ ගෙන්නපු හරක් නාම්බා තමා මේ විදියට තප්පුලන්නේ... කොප් කමිටුව කියන කොටස ඔය හොරුන්ට සුළුදිය පරවෙනවා. ඒ ගැන කතා කරන්න නීතිය පිළිබඳව දැනුමක් තිබිය යුතු නේද? මේ හොර පෙරකදෝරුවන් නාම්බා නීතිය ගැන දන්නේ මොනවාද?
වතුර රත්වෙන කන් නටමු. පස්සේ කෙඳිරි ගාන්න බෑ...
තමුන්ගේ උන් ඇමතිකම් බෙදා හදාගෙන හොරකම්,වන්චා දූෂණ කෙරුවා . සුදුවෑන් ගාතන අතුරුදහන් කෙරෙව්වා ,චීචී කාරයා රොකට් යැව්වා .දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තිබ්බා ඒවනේ රියැලටි ෂෝ?
ඔව්, ඔව් ඔයාගේ දක්ෂතාවයට ගෝල්ඩන් බසාර් එක වැදිලා ඔයාට කෙළින්ම ඇතුළට යන්න පුළුවන් වෙයි.