(ගයාන් සූරියආරච්චි සහ ජනිත් මදුරංග)

ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට අද පෙරවරුවේ (26) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමයේ වෘත්තීය නායකයෝ පැවසූහ.

ඔවුන් ඒ බව පැවැසූවේ ගුරු විදුහල්පතිවරුන්ගේ තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මව්පියන්ගෙන් මුදල් අය නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (26) පෙරවරු 10.30 ට පමණ කොටුව දුම්රියපොල අසල පැවැත්වූ විරෝධතාවයකින් අනතුරුවය. එහිදී විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය එම විරෝධයට කඳුළුගැස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.